අනුෂා දමයන්ති සහ අර්ජුන් කමලනාත් ‘පාර්ලිමේන්තු එන්න’ හදන හැටි

රංගන ශිල්පිනී අනුෂා දමයන්ති මහත්මිය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වීමට නාම යෝජනා ඉල්ලා තිබෙනවා.

ඒ,පොදුජන එක්සත් පෙරමුණෙන්.

ඇයට නාමයෝජනා ලබාදීම සම්බන්ධයෙන් මේ වනවිට අවසන් තීරණයක් ගෙන නොමැති බවයි එම පක්ෂය සඳහන් කළේ.

පොදුජන පෙරමුණෙන් ගාල්ල දිස්ත්‍රික්කය සඳහා තරග වැදීමට ඇය අදහස් කර ඇති අතර ඇගේ ඉලක්කය වී ඇත්තේ බෙන්තර ඇල්පිටිය ආසනයයි.

කෙසේ නමුත් ඇගේ පැමිණීමට බෙන්තර ඇල්පිටිය ආසනයේ පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන් විරෝධය දක්වා තිබෙනවා.

මේ අතර රංගන ශිල්පී අර්ජුන් කමලනාත් ද ගාල්ල දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වීමට සුදානම් වන අතර ඔහුට නාම යෝජනා හිමිවන්නේ විමල් විරවංශ අමාත්‍යවරයාගේ ඉල්ලීම අනුවයි.

You May also like

Comments are closed, but trackbacks and pingbacks are open.