කටකතා මවන පුද්ගලයින්ට අනුෂ්කා ෂර්මාගෙන් දෝෂාරෝපණයක්

ජනප්‍රිය බොලිවුඩ් නිළියක් වන ඉන්දීය ක්‍රිකට් නායක විරාට් කෝලිගේ බිරිඳ අනුෂ්කා ෂර්මා ටික කලක පටන් බොලිවුඩ් නිර්මාණ හරහා වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඇය අවසන් වරට ප්‍රේක්ෂකයා හමුවට සිනමාපටයකින් පැමිණියේ ෂාරුක් ඛාන්ගේ “සීරෝ” හරහායි. ඇගේ මේ නිහඬ බව ක්ෂේත්‍රය තුළ යම් යම් කටකතා නිර්මාණය වීමට හේතු වී තිබෙනවා.

මේ කටකතා අතරින් ජනප්‍රියම එකක් වූ​යේ ඇය මේ වන විට දරු සම්පතක් බලාපොරොත්තුවෙන් සිටින බවයි. අනුෂ්කා ෂර්මාගේ නිහැඬියාවත් සමග ඇතැම් රසිකයින් පවා මේ කටකතාව විශ්වාස කරන්නට පටන් ගත්තා. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අනුෂ්කා ෂර්මා මේ වන විට ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. ඇය පවසන්නේ මේ කටකතාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බවයි. එමෙන්ම මෙවැනි දූෂමාන ආ​රංචි පතුරන පුද්ගලයන්ට ඇය දැඩි සේ දෝෂාරෝපණය කොට තිබෙනවා.

“නිළියක් ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන යද්දි ඒ අය අහනවා මෙයා බඳින්නේ කවදද කියලා? බැන්ද​ට පස්සේ අහනවා මෙයා ගැබ් අරන්ද කියලා? සැහැල්ලු ඇඳුමක් ඇන්දත් ළමයෙක් හම්බවෙන්න කියලා කටකතා පතුරවනවා. මනුස්සයෙක්ට තමන්ගෙ පාඩුවේ ජීවත් වෙන්න මේ විදිහේ අය ඉඩ දෙන්නෙ නැහැ. හොඳම දේ මේ වගේ අයව නොසලකා හැරල ජීවත් වෙන එකයි.” ඇය වැඩි දුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *