විජේවීරට රැකවරණය දුන් මාතාව මියයයි

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ චරිතය පාදක කරගෙන නිපදවා ඇති “ගින්නෙන් උපන් සීතල” සිනමා කෘතියේද නිරූපනය වන රෝහණ විජේවීර මහතාට ආරක්ෂාව සපයාගැනීමට උදව් උපකාර කරන නෙත්ති කුමාර පවුලේ මව වූ ඩී.ඒ කරුණාවති මාතාව පෙරේදා (01) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අපරැක්කේ හාමිනේ ලෙස කා අතරත් ප්‍රසිද්ධියට පත්ව සිටි ඇය 88, 89 දේශප්‍රේමී අරගලය සමයේ දේශප්‍රේමී සටන් කරුවන්ට අසීමිත ලෙස ගෞරවාදරයක් දැක්වීය. ඒ වෙනුවෙන් දැඩි කැපවීමක්ද සිදු කළ මාතාවකි.

අපරැක්කේ හාමිණේ මාතාව මිය යනවිට 87 වන වියේ පසුවුණා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *