අපේක්ෂා රෝහලේ විකිරණ යන්ත්‍රයට ‘එකතු කරන සල්ලි’ වෙන ගිණුමකට යනවලු

මහරගම අපේක්ෂා රෝහලට විකිරණ යන්ත්‍ර ලබා දීම සඳහා බව පවසමින් මොහොමඩ් නැමැත්තෙකු “ෆයිට් කැන්සර් ටීම්” නමින් රුපියල් කෝටි 100ක අරමුදල් එක්රැස් කළද එම මුදල් අපේක්ෂා රෝහලේ ගිණුමට බැර නොවන බව එම රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතා පවසනවා.

ඔහු අද (12) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ එම තැනැත්තා සිදුකරගෙන යන මෙම මුදල් රැස්කිරීම සම්බන්ධයෙන් තමා පොලීසියට පැමිණිලි කොට එම විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකර ඇති බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ සඳහන් කළා.

“මහරගම අපේක්ෂා රෝහලට විකිරණ යන්ත්‍රයක් ගන්න කියලා මොහොමඩ් නැමැති පුද්ගලයෙක් රුපියල් කෝටි 100ක් එකතු කරනවා.

නමුත් ඒ මුදල් අපේක්ෂා රෝහලේ ගිණුමට මුදල් ලැබී නැහැ.වෙන ගිණුමකට මුදල් බැර වෙන්නේ.

ජනතාව මගෙන් තමන් බැර කළ මුදල් ගැන අහනවා.

අපේක්ෂා රෝහලේ ගිණුමට බැර වෙන්නේ නැති බව මම සහතික කරලා කියනවා.

මේ ගැන මම පොලීසිය දැනුවත් කළා. හිටපු ජනාධිපතිටත් මේ ගැන කිව්වා. නමුත් කිසිම පියවරක් ගත්තේ නෑ.

සහරාන් ප්‍රහාරය එල්ල කළ දිනට පසු දින මොහොමඩ්ට රු. මිලියන 20ක් බැරවෙලා.

අප්‍රේල් 22 ජනතාව බැංකු ගියාද ?

අප්‍රේල් 23 රු. මිලියන 2 ක් ලැබිලා..මේවා ත්‍රස්තවාදීන්ගේ කළු සල්ලිද ?

මගෙන් විගණනයෙන් විමසුමක් කළා. ඒ නිසා මට කට වහගෙන ඉන්න බැහැ.

ඔහු රාජිත හා හිටපු ඇමති කාසීම් සමඟ මාව රෝහලෙන් යවන්න කටයුතු කළා.

මට තර්ජනය කිරීම ගැනත් පැමිණිලි කළා.

මාව මෙහෙන් එළවන්න බැරි වුණේ මගේ පත්වීම ස්ථිර පත්වීමක් නිසා.

මොහොමඩ් රු. මිලියන 140ක් එකතු කරලා.

වෙනත් තැනකට පරිත්‍යාග කරන්න හදනවා නමුත් මුදල් එකතු කළේ අපේක්ෂා රෝහලට කියලා

අපරාධ අංශයකට පැමිණිලි කළාම CIDයට දැනුම් දුන්නා කියලා ලියලා තියෙනවා..එච්චරයි..

CID නිලධාරියා ස්විට්සර්ලන්තයට ගිහින් ඇති..

CIDය ස්වාධීන නම් සාධාරණයක් ඉටුවේවි..”

You May also like

Sorry. No data so far.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *