Apple 9 Series සහ Ultra 2 ඔරලෝසුවට අමෙරිකාවේ දොර ඇරෙයි

නවතම ඇපල් ඔරලෝසු ආනයනය සඳහා පනවා තිබූ තහනම අමෙරිකාව විසින් ඉවත් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ආනයන තහනමට එරෙහිව ඇපල් සමාගම හදිසි අභියාචනයක් ගොනු කිරීමෙන් පසු Apple හි නවතම ස්මාර්ට් ඔරලෝසුව අමෙරිකාව තුළ විකිණීමේ අවස්ථාව හිමිව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.

පේටන්ට් බලපත් ගැටලුවක් මුල් කරගනිමින් 9 Series සහ අල්ට්‍රා 2 ඔරලෝසු අමෙරිකාව තුළ විකිණීම අත්හිටුවා තිබුණි.

සෞඛ්‍ය නිෂ්පාදන ආයතනයක් වන මැසිමෝ ආයතනය, ඇපල් සමාගමට හා කාර්ය මණ්ඩලයට චෝදනා එල්ල කරමින් ප්‍රකාශ කර තිබුණේ තම නිෂ්පාදනයක තාක්ෂණය ඇපල් 9 seirie ඔරලෝසුව නිෂ්පාදනයේ දී ඔවුන් විසින් සොරකම් කර ඇති බවය.

මෙම ගැටලුව මුල් කරගනිමින් පසුගිය ඔක්තෝබර් මස දී ඇපල් සමාගමට තහනමක් පැන වූ අතර දින 60ක සමාලෝචක කාලයක් ලබා දී තිබුණි.

එම කාලය පසුගිය නත්තල් දිනයෙන් අවසන් වුවත්, අමෙරිකාවේ ධවල මන්දිරය තහනම ඉවත් කිරීම ප්‍රතික්ෂේප කර තිබූ බව විදෙස් මාධ්‍ය පවසයි.

ඇපල් සමාගම අභියාචනයක් මගින් තහනම ඉවත් කරගැනීමට කටයුතු කළේ ඒ අනුවයි.

ඇපල් සමාගම පසුගිය දා ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, අමෙරිකාවේ ජාත්‍යන්තර වෙළෙඳ කොමිසම මගින් පැන වූ තහනමට තමන් එකඟ නොවන බවත්, තහනම ඉවත් කිරීම හේතුවෙන් හැකි ඉක්මනින් අමෙරිකානු පාරිභෝගිකයන් වෙත ඇපල් 9 Series සහ අල්ට්‍රා 2 ඔරලෝසු ලබා දීමට කටයුතු කරන බවයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *