අපේ සහාය නැත්නම් ජනපති වෙන්නේ සජිත්.. මහින්ද අගමැති පුටුවට සුදුස්සාව නම් කරයි

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහාතාට සම්බන්ධ කිසිදු පාර්ශයවකට මහාමැතිවරනයේ දී මනාප ලබානොදෙන ලෙස රජයේ එක්තරා ඇමතිවරයෙක් මේ දිනවල තම දිස්ත්‍රික්කයේ ජනහමු අමතමින් පවසන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

මෙි පිළිබදව වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමතිවරයා මෙලෙස සඳහන් කළා.

“ගම්පහ පැත්තේ ඉන්නවා ගමටත් රටටත් වැඩක් නොකරපු මහින්ද අගමැතිතුමා ගේ ප්‍රතිරූපය මාකට් කරලා එතුමාගේ කරපිටින් පාර්ලිමේන්තුවට යන්න හදන කෙනෙක් .එයා තමයි මෙ ප්‍රචාරය මාධ්‍ය වල ප්‍රචාරය කරලා ශ්‍රිලනිප අපේක්ශකයින් පරාජය කරන්න උත්සාහ කරන්නේ. ඒ නිසා මම එතුමට පැහැදිලිව කියනවා ඔය වගේ කතා ප්‍රචාරය කරලා ශ්‍රිලනිප අපේක්ෂකයන් මනාප ලැයිස්තුවල පෙරමුන ගැනීම වළක්වන්න බෑ කියලා.

පළාත් පාලන ඡන්දේ දී පොහොට්ටුව ගත්තේ ඡන්ද ලක්ෂ 50යි. නිදහස් සන්ධානය ඡන්ද ලක්ෂ 17ක් ගත්තා. පසුගිය ජනාධිපතිවරනයේදි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගෝඨාභය ජනාධිපතිතුමාට එජනිස පක්ෂවල සහාය අරන් දෙන්න සුවිශේෂි මෙහෙවරක් ඉටුකල බව මේ අයට දැන් අමතක වෙලා. අපි කිසිදු පාර්ශවයකට ජනාධිපතිවරනයේදී සහාය නොදී හිටියනමි සජිත් ඡන්දේ දිනන්න ඉඩති.බ්බා.

ඒ නිසා මෛත්‍රීපාල  සිරිසේන මැතිතුමා රටේ අගමැතිධුරය දරන්න සුදුසුයි. ඒත් අපේ මෙවර අගමැති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මැතිතුමා. අපි එතුමා ගේ ජයග්‍රහනය වෙනුවෙන් කැපවෙනවා.”

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *