දුෂණයට ලක් වූ එකොළොස් වියැති දැරියක් සිසේරියන් සැත්කමකට භාජනය කිරීම නිසා අජන්ටිනාව තුළ නැවතත් ගබ්සා නීති පිළිබඳ විවාදය ඇවිළී තිබේ.
සිය මිත්තනියගේ 65 හැවිරිදි සහකරු අතින් දැරිය දුෂණයට ලක්ව තිබෙන අතර පසුව ඇය දරුගැබ ගබ්සා කරන ලෙස ඉල්ලීමක් කළාය.
නමුත් සමහර වෛද්‍යවරුන් එම සැත්කම කිරීම ප්‍රතික්ෂේප කළ බැවින් ඇයගේ එම ඉල්ලීම සති පහක් පමණ කල් ගියේය.
ගබ්සා කිරීම දැරියගේ ජීවිතයට අවදානම් බව පෙන්වාදුන් වෛද්‍යවරු, අවසානයේදී සිසේරියන් සැත්කමක් කිරීමට එකඟ වුහ.
කළලයේ “ජීවය” තවමත් තිබෙන නමුත් එයට නොනැසී පැවතීමට ඇත්තේ අඩු අවස්ථාවක් බව වෛද්‍යවරු පවසති.
මෙම පමාවීම් කිහිපයක් අවසානයේදී ඇය සති 23ක ගැබිනියක වී තිබු බැවින් එය ගබ්සාවකට උචිත නොවූ බව පැවසිණි.
ආරම්භයේ සිටම මෙම දැරිය තමාගේ ගර්භනී බව අවසන් කරන ලෙස ලෙස පැහැදිලිව බලධාරීන්ට දන්වා සිටි ඇය ඔවුන්ගෙන් ඉල්ලා තිබුණේ, “වයසක මිනිහා මාතුළට දාපු මේ ‘දෙය’ ඉවත් කරගන්න මට අවශ්‍යයි” යනුවෙනි.
ස්ත්‍රී දුෂණයක් සිදුවී ඇත්නම් හෝ මවගේ සෞඛ්‍ය තත්වය අනතුරුදායක නම් අජන්ටිනාව තුළ ගබ්සාව නීත්‍යානුකූල වේ. එහෙත් දැරියගේ නීත්‍යානුකූල භාරකාරත්වය පිළිබඳව ඇතිවූ අවිනිශ්චිතතාව නිසා එය ප්‍රමාද විය.
දැරියගේ මව තම දියණියගේ කැමැත්තට එකඟතාව දැක්වුවද කලකට ඉහතදී දැරිය අයගෙන් වෙන්කර මිත්තනියගේ භාරයට පත් කර තිබු නිසා මවගේ කැමැත්ත ප්‍රමාණවත් නොවන බව මුලින් පෙනී ගියේය.
නමුත් දුෂකයා සමග සහයෝගයෙන් කටයුතු කිරීම නිසා දැරියගේ භාරකාරීත්වය මිත්තනියගෙන් ඉවත් කළ බැවින් අවශ්‍ය කැමැත්ත ඇයටද ලබා දිය නොහැකි බව තීරණය කෙරිණි.
මෙම ගැටලු නිරාකරණය වන විට දැරියගේ දරුගැබට සති 23ක් වී තිබිණි.
– BBC Sinhala-