රුපියල් කෝටි 19ක් වටිනා රත්රන් සහ විදේශ මුදල් තොගයක් සමඟ සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකු ද ඒ අතර වෙන බවයි රේගුව සඳහන් කළේ.
කිලෝ ග්රෑම් අට හමාරක් බරැති ස්වර්ණාභරණ සහ රන් බිස්කට් මෙන්ම ඇමරිකා ඩොලර් හැත්තෑපන් දහසක් සහ යූරෝ දහඅට දහසක විදෙස් මුදල් තොගයක් ද සොයාගෙන තිබෙනවා. සැකකරුවන් සිය ගමන්මලුවල සහ ඔවුන් ඇද සිටි ඇදුම්වල සඟවාගෙනයි මේවා රැගෙන විත් තිබෙන්නේ.
මෙම සැකකරුවන් දෙරට අතර රත්රන් සහ විදෙස් මුදල් ජාවාරමේ යෙදෙන්නන් බවට මුලික පර්යේෂණ වල දී හෙලි වී තිබෙනවා. ඉන්දියාව සහ ඩුබායි යන රාජ්ය වලින් විශාල වශයෙන් ස්වර්ණාභරණ, රන් බිස්කට් සංක්රමණික පර්යන්තයේ රැදී සිටින ජාවාරම්කරුවන් වෙත කුඩා ප්රමාණවලින් ලබා දී ගුවන් තොටුපලින් පිට කිරීමේ ජාවාරමක මොවුන් නිරත වී ඇති බවටයි ගුවන් තොටුපල රේගුව අනාවරණ කරගෙන තිබෙන්නේ.