ජනතාව කුපිත කළ යුද හමුදාවේ හිටපු ලුතිනන්වරයකු අත්අඩංගුවට..

ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ නිලධාරීන්ගේ නිවෙස්වලට අලාභ හානි කරන ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් පළකරමින් ජනතාව කුපිත කළ බව කියන ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු ලුතිනන්වරයකු නිට්ටඹුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලුතිනන්වරයෙකු ලෙස සේවය කරමින් සිටියදී සිදු වූ විෂමාචාර හේතුවෙන් 2020 ජනවාරි 29 වන දින මෙම සැකකරු යුධ හමුදාවෙන් නෙරපා හැර ඇති බව ද යුධ හමුදාව පවසනවා.

2010 ඔක්‌තෝබර් 29 වැනි දා යුද හමුදාවට බැඳුණු ඔහු තම අණදෙන නිලධාරියාගේ අත්සන ව්‍යාජ ලෙස සකස්‌ කිරීමේ චෝදනාව මත යි යුද හමුදාවෙන් නෙරපා හැර ඇත්තේ.

පසුගිය කාලයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයේ දී ප්‍රචණ්ඩ ලෙස හැසිරුණු සහ දේපළවලට හානි කළ කණ්ඩායම් කැඳවා ඉහළ හමුදා සහ පොලිස් නිලධාරීන්ගේ නිවෙස්වලට අලාභ හානි සිදුකිරීම පිළිබඳ අවධානය යොමු කරන ලෙස සැකකරු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.

සැකකරු නිට්ටඹුව පොලිසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අද අත්තනගල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත යි.

You May also like

Leave a Reply

Your email address will not be published.