කොළඹ කිංග්ස්බරි හෝටලයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනෙකු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
මෙම බෝමබ ප්‍රහාරය එල්ල කරමින් මිය ගිය බෝම්බකරු මොහොමඩ් මුබාරක් නමැති ත්‍රස්තවාදියාගේ බිරිද අයේෂා සිද්ධිකා සහ මොහොමඩ් වසීම් ෆස්රුල් රහුමාන් යන සැකකරුවන් දෙදෙනායි මෙලෙස තවදුරටත් රක්ෂිත බන්ධනගාර ගත කෙරුණේ.
ඔවුන් ලබන මස 05 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
සැකකරුවන් සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලැබීමට නියමිත බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා. මෙම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැහැ.
ස්කයිප් තාක්ෂණය ඔස්සේ ඔවුන් නිරීක්ෂණය කිරීමට ඉදිරි දින ඉදිරිපත් කරන ලෙස අදාළ බන්ධනාගාර අධිකාරීවරුන්ට නියෝග කෙරුණා.