කොළඹ පාසලක 14 හැවිරිදි දැරියව රැවටූ අවුරුදු පනහේ මනමාලයා පොලිස් දැලේ

කොළඹ ප්‍රසිද්ධ පාසලක 14 හැවිරිදි දැරියක් රවටාගෙන අතවර කළ 50 හැවිරිදි පෞද්ගලික බැංකු කළමනාකරුවකු අත්අඩංගුවට ගත් සිද්ධියක් බම්බලපිටියෙන් වාර්තා වෙනවා.

තමාගේ අඳුරු වීදුරු සහිත ජිප් රථයෙන් ප්‍රසිද්ධ රථගාල්වලට එම දැරියව රැගෙන ගොස් ලිංගික අතවර කළ බව පැවසෙන අතර මේ වන විට එම දැරිය කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුගේ බිරිඳ මියගොස් ඇති අතර මොහු වයස අවුරුදු 13 හා 17 වයස් සීමාවල දැරියන් දෙදෙනකුගේ පියෙක් බව අනාවරණය වී තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *