තෙල් පෝලිම පනින්න ගිය පොලිස් නිලධාරියට පහරදුන් හමුදා ලුතිනන් අත්අඩංගුවට

වරකාපොල පෞද්ගලික ඉන්ධන පිරවුම්හලකට ලැබුණ ඩීසල් තොගයක් වාහනවලට ලබාදෙමින් සිටියදී පෝලිමෙන් පිට පැමිණි වාහනයකට ඉන්ධන ලබාදිමට කටයුතු කළ පොලිස් නිලධාරියෙකුට හමුදා නිලධාරියෙක් පහරදී තිබේ.

මෙම පහරකෑමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියා රෝහල් ගත කර තිබේ. පසුව පහරදුන් හමුදාවේ ලුතිනන් නිලයට අයත් නිලධාරියෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වරකාපොලට ඉන්ධන ලැබුණ පසු හමුදාව හා පොලීසිය මැදිහත්ව එය ජනතාවට ලබාදීමට කටයුතු කරන අතර පොලිම්වලින් පිට පැමිණෙන පුද්ගලයන්ට ඉන්ධන ලබානොදීමට කටයුතු කරයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *