කෘතිම බිත්තර කෑමවලට දමනවා – මෙන්න හෝටලයකින් ඇල්ලූ හැටි (PHOTO )

ප්ලාස්ටික්වලින් නිපදවන ලද කෘතීම බිත්තර යොදා කෙටි කෑම පිළියෙල කළ වවුනියාව නගරයේ පිහිටි හෝටලයක් නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් වටලා එහි හිමිකරුට එරෙහිව නීති මඟින් කටයුතු කොට තිබෙනවා.

මෙම හෝටලයෙන් බිත්තර රෝල්ස් ඇණවුම් කොට එය ආහාරයට ගත් පාරිභෝගිකයකුට ඊට දමා ඇති බිත්තර රසය පිළිබඳව සැකයක් මතු වී ඒ ගැන හෝටල් හිමියාට දැනුම් දී තිබුණා.

නමුත් ඔහු ඒ පිළිබඳව කිසිදු සැලකිල්ලක් නොදැක්වීම නිසා පාරිභෝගිකයා මේ සම්බන්ධයෙන් වවුනියාව නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දැනුම් දී තිබෙනවා.

වහාම මේ හෝටලයට පැමිණි සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් හෝටලය පරික්ෂා කිරීමේදී ආහාරවලට යොදා ඇත්තේ කෘත්‍රිම බිත්තර බව හෙළි වුණා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *