වසර දහයකට පෙර තම පියාගේ වෙන්වුණු අත වෙනුවට කෘතිම අතක් සාර්ථකව නිපදවීමට මුලතිව් මල්ලාවී ප්‍රදේශයේ තරුණයෙක් සමත් වී තිබේ.
එස්.දුෂ්‍යන්තන් නමැති මෙම තරුණයා විශ්වවිද්‍යාල සිසුවෙකි. ඔහුගේ පියාගේ අත ට්‍රැක්ටරයක බැත පාහින පංකාවකට හසු වී මීට වසර දහයකට පෙර වෙන් වී තිබේ.
කනපතිපිල්ලේ පද්මනාදන් නමැති පියා වහාම මල්ලාවී රෝහලට රැුගෙන ගොස් ඇති අතර එහිදී ඔහු මුලතිව් රෝහලට මාරු කොට යැවීමෙන් පසුව රෝහලේදී ඔහුගේ අත ශල්‍යකර්මයක් මගින් කපා ඉවත් කොට තිබේ.
සිය පියාට කෘතිම අතක් සවි කිරීමට ගිය අවස්ථාවේදී ඒ සඳහා විශාල මුදලක් අවශ්‍ය වූ නිසා කෘතිම අතක් සවි කිරීම පද්මනාදන්ගේ පවුලේ උදවියට සිහිනයක් වී ඇත.
පද්මනාදන්ගේ පුතා වූ දුෂ්‍යන්තන් එදා සිටම උත්සහ කොට ඇත්තේ කෙසේ හෝ සිය පියාට කෘතිම අතක් නිෂ්පාදනය කිරීමටය.
මේ පිළිබඳව ඉතා දීර්ඝ වශයෙන් අධ්‍යයනය කිරීමෙන් පසුව ඔහුට සිය පියා වෙනුවෙන් කෘතිම අතක් නිෂ්පාදනය කොට සිය පියාට සවි කිරීමට හැකි වී තිබේ.
දිනසේන රතුගමගේ