ශාරුක්ගේ පුතා බන්ධනාගාරයේ හඬා වැටෙයි

සුඛෝපභෝගී මගී නැවක මත් ද්‍රව්‍ය භාවිත කරන සාදයකට සහභාගිවෙමින් සිටි ලෝක පුජිත නළු ශාරුක් කාන්ගේ පුත්‍රයා වන ආර්යන් කාන් ඉන්දියාවේ මත්ද්‍රව්‍ය පාලක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගත්තේය. ඒ අනුව ඔහුව බන්ධානාගාර ගත කෙරුණ අතර ඔහුව රෝඩ් බන්ධනාගාරයේ රදවා සිටී.

බන්ධනාගාරයේ නිරෝධායන මැදිරියක නිරෝධායනය වූ ඔහු මේ වෙද්දී 956 යන අංකය සමග විශේෂ සිර කුටියකට මාරු කර ඇති බවද වාර්තා වේ. ෂාරුක් තමන්ගේ නීතිඥයන් යොදවා ඇතත් ඇප ලබාගැනීම් ප්‍රතික්ෂේප වී ඇත.

ඔහුට විරුද්ධව චෝදානා කිහිපයක්ම ගොනුවී ඇත. ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාල සමග සබදතා පැවැත්වීම, විශාල වශයෙන් මත්ද්‍රව්‍ය මිලට ගැනීම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය ආදී බරපතල චෝදනා ඔහුට එල්ලව ඇත. එමෙන්ම ඔහුගේ වට්ස්ඇප් පණිවුඩ නිරීක්ෂණයෙදී ඊට අදාළ සාක්ෂි ලැබී ඇති බව ආරක්ෂක අංශ පවසා ඇත.

රැඳවීයන්ට පිටතින් ආහාර ලබා දීම තහනම් නිසා උදෑසන7ට දහවල් 11ට සහ සවස 6ට බන්ධනාගාරයෙන් ලබා දෙන අහාර වලින් සැහීමකට පත් වීමට ආර්යන්ට සිවුව ඇති අතර උදෑසන 6ට පෙර අවදි වීමට සිදුව ඇත.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *