අපිට ගමට යන්න පුලුවන් හින්දා තමයි අපි මැතිවරණය නියමිත කාලයට තියන්නේ

අරගල කරුවන් මැතිවරණ ක්‍රියාවලියට ප්‍රවේශවිම වීම ගැන තමන් සතුටු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය.

ඔහු අවධාරණය කර සිටින්නේ ඔවුන් මැතිවරණයට මුහුණ දීමෙන් අරගලය පිළිබඳව විතරක් නොව ඔවුන් ගැනත් ජනමතය උරගා බලන්න අවස්ථාවක් මේක යනුවෙනී ඒ වගේම ඔවුන්ට මැතිවරණ ක්‍රියාවලිය වගේම පරිපාලනය පිලිබදවත් හදාරන්න හොද අවස්ථාවක් ඒ විතරක් නෙවෙයි අපි සතුටු වෙනවා එමගින් ඔවුන්ට ඔවුන් පිළිබඳව ඇති සැබෑ ජනමතය තේරුම් ගන්න හැකියාවක් ලැබෙයි කියලා ඒ නිසා ඉතිම් ඒ අයට ඇවිල්ලා මේ මැතිවරණයට මුහුණ දීලා බලන්න පුලුවන් ඒ ගොල්ලන්ගේ ප්‍රතිඵලය මොකක්ද කියලා. රාජ්‍ය අමාත්‍ය වරයා මේ බව ප්‍රකාශ කලේ ඊයේ (16 ) වන දින ගම්පහ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමිනී.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ අපට ගමට යන්න පුලුවන් හින්දා තමයි අපි මැතිවරණය ව්‍යවස්ථානුකූලව නියමිත කාලයට අනුව කැදවලා තියෙන්නේ අපි පහුගිය කාලේ වගේ මැතිවරණ කල් දැම්ම රජයක් නෙවෙයි ඒ නිසා තමයි අපි සියල්ලට ප්‍රථම ඇප තැම්පත් කිරිම් කලෙත්, අපේ මැතිවරණ සුදානම රටට පෙන්වන්න ඔන නිසා,අපට ශාක්ෂි තියනවා විපක්ෂයේ අය තමයි ගම්පහ දිස්ත්‍රික්කයට තමයි ලොකුම වියසනය කලේ ඒ හැංගිලා හිටපු අය අද එකට එකතු වෙලා මැතිවරණයට එන්න බලාපොරොත්තු වෙනවා, ගෙවල් ගිණිබත් කරලා,යාන වාහන ගිණිබත් කරලා ත්‍රස්තවාදය වපුරුවේ.චෝදනා ලක්වෙච්ච අය සාමාන්‍යයෙන් හැංගෙනවා මිසක් එන්නේ නෑනේ, අපි අගතියටපත් අය අපිට ගිහිල්ලා නැවත ගම්බිම් හදාගෙන නැවත ඒ වැඩ කටයුතු කරනවා.

ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට පසුගිය පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යම් සාදාරණීකරනයක් කර තිබේනවා ඒ ගරු අධිකරණය මගින් ඒ පැවති ආණ්ඩුව තමන්ගේ වගකිම ඉටුකෙරුවේ නෑ කියන උත්තරයා ලබා දීලා තියනවා. ගරු අධිකරණය විසින් ලබා දුන් තීන්දුව පිළිබඳව ජනතාව තේරුම් ගන්නවා අපි ගමට යද්දි අපි කරපු වැඩ කොටසත් එක්ක අපිට ජයග්‍රහණය කරන්න පුලුවන් කියලා විශ්වාස කරනවා.

You May also like

1 Comment

  1. Is this the guy who ran naked when the husband women he was having sex crashed in to the room ?. Bloody ponnayos in Gampaha sending jokers like them to Parliament

Leave a Reply

Your email address will not be published. Required fields are marked *