ශ්‍රී ලංකා ක්‍රිකට් පිළ තරගාවලි දෙකේම පුහුණුවීම් කර ඇත්තේ එකම දවසයි..දකුණු අප්‍රිකාවට ගියේ ඔවුන්ට උදව්වක් කරන්න – අසන්ත ද මෙල් කොරහත් බිඳ ගෙනම යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමට අසන්ත ද මෙල් මහතා තීරණය කර තිබෙනවා.

පසුගිය සතියේදී අසන්ත ද මෙල් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ධුරයෙන් ඉවත්වීමට ද තීරණය කළා.

අවස්ථා කිහිපයකදී තේරීම් කමිටු සභාපතිධූරය දෑරු ඔහු 2018 වසරේ නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ධූරයට පත් වන්නේ 2019 එක්දින ලෝක කුසලානයට මාස 6ක් පමණක් ඉතිරිව තිබියදී.

එතැන් සිට වසර දෙකක තේරීම් කමිටු සභාපතිධූරයෙන් අනතුරුව නැවත වරක් අසන්ත ද මෙල් තේරීම් කමිටු සභාපති ලෙස පත් කරමින් ක්‍රිකට් තේරීම් කමිටුවක් පත් කළේ පසුගිය දෙසැම්බර් මාසයේදී.

අසන්ත ද මෙල්ගේ තේරීම් කමිටු සභාපතිත්වයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරග 16කට සහභාගි වූ අතර ඉන් තරග 7ක් පරාජය වෙද්දී තරග 4ක් ජය ගත්තා.

එම කාළය තුළදී එක්දින තරග 24න් තරග 10ක් පමණක් ජය ගනිද්දී පන්දුවාර 20 තරග 18න් ජය ගත්තේ තරග 4ක් පමණයි.

කෙසේ වෙතත්, දකුණු අප්‍රිකා සහ එංගලන්ත ටෙස්ට් තරගාවලිය පරාජයත් සමගින් අසන්ත ද මෙල් ඇතුළු තේරීම් කමිටුවට දැඩි විවේචනය එල්ල වුණා.

එවැනි වට පිටවක් තුළයි අසන්ත ද මෙල් මහතා තේරීම් කමිටුවෙන් ඉල්ලා අස්වීමට තීරණය කළේ.

මේ අතර අසන්ත ද අසන්ත ද මෙල් පවසන්නේ කිසිම පුහුණුවකින් තොරව මෙම තරග සඳහා එක්වූ බවයි.

දකුණු අප්‍රිකාවට ගොස් එක දවසක් පමණක් පුහුණු වූ අතර එංගලන්ත සංචාරය සඳහා පුහුණුව ලැබුවේ ද එක දවසක් පමණක් බවයි ඔහු සඳහන් කළේ.

එලෙස තරගවලට සහභාගිවීම සම්බන්ධයෙන් පුහුණුකරු ද ලිඛිතව විරෝධය පළ කළ බවයි ඔහු සඳහන් කරන්නේ.

එකම තරගයකට පමණක් දකුණු අප්‍රිකාවට සංචාරය කළේ අප්‍රිකාවට තරගය නොපැවැත්විය හොත් රුපවාහිනී විකාශන අයිතිය වෙනුවෙන් මුදල් නොදෙන නිසා බව ද ඔහු අනාවරණය කළා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *