මාලිංග කිව්ව කතාව තේරීම් කමිටු සභාපති හෙළි කරයි

තමන් හා මාලිංග ලෝක කුසලානයේ නායකත්වය ගැන කථා කළ බවත් ඒ අනුව කණ්ඩායම නම් කිරීමෙන් පසුව තමන්ගේ මතය ප්‍රකාශ කරන බවට මාලිංග පැවැසූ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා සඳහන් කර සිටියා.

ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු එක්දින නායක ලසිත් මාලිංගට ලබාදුන් තරග 12ම ඔහු පරාජයට පත්වූ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානී අසන්ත ද මෙල් මහතා ඊයේ (18) කොළඹ ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ.

ලසිත් මාලිංගගේ නායකත්වයේ ගැටලුවක් නොමැති බවත් ඔහු නායකයා ලෙස දක්ෂතා දක්වා ඉදිරියෙන් සිටියත් කණ්ඩායමේ එකමුතුවක් නොමැති බවද සභාපතිවරයා පෙන්වා දුන්නා.

කෙසේ වෙතත් කණ්ඩායම දිමුත් කරුණාරත්න සමග එකට සිටින බවත් ඔහු ප්‍රකාශ කළා.

තරග 12ක් පරාජය වීම ගැන ලසිත්ටත් හේතු තිබූ නමුත් පරාජයේ වගකීම ඔහුත් භාර ගත යුතු බව තේරීම් කමිටු සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *