කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවති ශ්රී ලංකා විවාහක රූ රැජින තරගයේ ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් ප්රකාශයක් ලබා දීමට ලෝක විවාහක රූ රැජින කැරලයින් ජූරි සහ ඇයගේ නීතිඥයන් ද අද කුරුදුවත්ත පොලිසියට පැමිණියා.
මේ අතර වාර්තා වන්නේ ඇය විසින් කිරුළ ගලවා එම කිරුළ පළදවන ලද තරගාවලියේ දෙවැනියා වූ ආශා බස්නායක කුරුණෑගල දිස්ත්රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී තාරානාත් බස්නායක ගේ විවාහක බිරිද බවයි.