මෙරට ජල සම්පාදන ක්ෂේත්‍රයේ කටයුතු සඳහා ආසියනු සංවර්ධන බැංකුවේ සහාය

මෙරට ජල සම්පාද ක්ෂේත්‍රයේ කටයුතු සදහා සහාය ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව ඉදිරිපත්ව සිටිනවා.

ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක කිරීමට නියමිත ජල සම්පාදන අංශයේ නව ප්‍රතිසංස්කරණ වැඩසටහන සම්බන්ධයෙන් ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් සමඟ සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

මෙම ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ප්‍රතිපත්ති සැලසුම් සහ අධීක්ෂණ රාමුව පිළිබදව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

දේශගුණයට ඔරොත්තු දෙන, ආරක්ෂිත සහ පාරිසරික වශයෙන් තිරසාර ජල සැපයුම් පද්ධති කළමනාකරණය ශක්තිමත් කිරීම, ජල මෙහෙයුම්වල පාලනය, තිරසාර බව, කාර්යක්ෂමතාව, ඔරොත්තු දීමේ හැකියාව, සහ ධාරිතාව සඳහා ප්‍රතිපත්ති රාමුව ශක්තිමත් කිරීම යන කරුණු මූලික කර ගනිමින් අදාළ ප්‍රතිසංස්කරණ සිදු කිරීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු විය.

මෙම ව්‍යාපෘතිය අග්‍රාමාත්‍ය කාර්යාලය, ජල සම්පාදන අමාත්‍යාංශය හා ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මගින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

අමාත්‍ය ජීවන් තොණ්ඩමන්, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්. එස්. සමරතුංග, ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.ඩබ්.එස් සමරදිවාකර යන මහත්වරු ඇතුළු නිලධාරීන්ද, ආසියානු සංවර්ධන බැංකුවේ දේශීය අධ්‍යක්ෂ ටකෆුම් කඩොනෝ (Takafumi Kadono) මහතා ඇතුළු එහි නියෝජිතයන් මීට එක්ව සිටියහ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *