ණය සහන ගන්න වහාම බැංකුවෙන් විමසන්න – සහන ලැබෙන සියලු අංශ මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් බිලියන 50ක සය-මාසික ප්‍රතිමූල්‍ය පහසුකමක් ස්ථාපනය කිරීමට තීරණය කර, කොරෝනා ව්‍යසනය මගින් බලපෑමට පත් පුද්ගලයන් හා ව්‍යාපාර සඳහා සහය වීමට මූල්‍ය ආයතන වෙත උපදෙස් නිකුත් කර තිබෙනවා.

කොවිඩ්-19 මගින් බලපෑමට පත් පුද්ගලයන් හා ව්‍යාපාර සඳහා ණය සහන කාලයක් (ප්‍රාග්ධනය හා පොලී සඳහා) සහ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා ණය පහසුකම් ඇතුළු පුළුල් සහන සැපයීමේ අරමුණින් කැබිනට් මණ්ඩලය විසින් 2020.03.20 වැනි දින ගන්නා ලද තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රතිමූල්‍ය පහසුකමක් ස්ථාපනය කිරීමට තීරණය කර ඇති වන්නේ.

බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී විශේෂිත බැංකු, බලපත්‍රලාභී මූූල්‍ය සමාගම් සහ විශේෂිත කල්බදු සමාගම් (මූල්‍ය ආයතන) 2020.03.25 වැනි දින සිට ක්‍රියාත්මක මෙම ප්‍රතිමූල්‍ය පහසුකමට සහභාගී වීම සඳහා සුදුසුකම් ලබන අතර දැනුම් දී ඇති සහනයන් එහිදී ලබා දෙනු ඇති.සහනයන් සහ ප්‍රතිමූල්‍ය පහසුකමේ ප්‍රධාන අංශ පහත පරිදි වනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *