අසාද් ජම්මු කාශ්මීරයෙන් පකිස්තානයට දෝෂාරෝපණයක්

පකිස්තාන පාලනය යටතේ පවතින කාශ්මීර හෙවත් අසාද් ජම්මු කාශ්මීරයේ අගමැති රාජා ෆාරැක් හයිදර් පකිස්තාන ආණ්ඩුව දැඩි ලෙස දෝෂදර්ශනයට ලක් කර තිබේ.

ඔහු සදහන් කර ඇත්තේ පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් සහ ඔහුගේ ඇමති මණ්ඩලය කාශ්මීර ජනතාව වහලුන් මෙන් සළකන බවයි.

තමන් කිසිදු රටක වහලුන් නොවන බවත් පකිස්තානයේ ජනතාව භුක්ති විදින අයිතිවාසිකම් ඒ හා සමානව තමන්ටද අවශ්‍ය බවත් අසාද් කාශ්මීරයේ අගමැතිවරයා ප්‍රකාශ කර තිබේ.

පකිස්තාන අගමැතිවරයා සහ ඔහුගේ ආණ්ඩුව කුමන බලපෑම් කළද තමන් පකිස්තාන මුස්ලිම් ලීගය සමග එක්ව තම අයිතිවාසිකම් දිනාගන්නා බව ඔහු වැඩිදුරටත් සදහන් කර ඇත.

කාශ්මීරයේ වැඩි කොටසක් ඉන්දීය පාලනය යටතේ පැවතියද එහි තවත් කොටසක් පකිස්තාන පාලනය යටතේ පවතී.

එහි අගමැතිවරයා ලෙස කටයුතු කරන රාජා ෆාරැක් හයිදර් වත්මන් පකිස්තාන ආණ්ඩුවේ දේශපාලන මතයන් දැඩාව විවෙචනය කරන අතර ,එය මේ වනවිට දේශපාලන අර්බුදයක් දක්වා වර්ධනය වෙමින් තිබේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *