fbpx

ජපානයේ චිත්‍රාගාරයක ගින්නක්:12ක් මරුට 35කට තුවාල

ජපානයේ කියෝතෝ නුවර පිහිටි සජීවකරණ චිත්‍රාගාරයක හටගත් ගින්නකින් අඩුම තරමින් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයටද 35 දෙනෙක් තුවාල ලබා තියෙනවා. සිද්ධියෙන් තවත් විශාල පිරිසක් ගිඩනැගිල්ලෙන් ඉවතට ඒමට නොහැකිව සිරවී ඇතැයි විදෙස් වාර්තා පැවසුවේ.

අද (18) උදෑසන එරට වේලාවෙන් උදෑසන 10.30ට පමණ අදාළ චිත්‍රාගාරයට කඩා වැදුනු සැකකටයුතු පුද්ගලයෙකු හඳුනානොගත් යම් ද්‍රාවණයක් ඉසීම හේතුවෙන් මෙම ගිනි ගැනීම හට ගෙන ඇතැයි සඳහන්. පසුව අදාළ සැකකටයුතු පුද්ගලයා ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිද්ධියෙන් තුවාල ලැබූ එම සැකකරු ද රෝහල්ගත කිරීමටයි පියවර ගෙන ඇත්තේ. ඔහුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කර නැහැ.