අතුරුගිරියේ ලඩියා ඉන්දීයාවේදි අත්අඩංගුවට

මෙරට අපරාධ ගණනාවකට සම්බන්ධ සංවිධාන්තාමක අපරාධකරුවෙක් වන අතුරුගිරියේ ලඩියා නොහොත් චානුක දහනායක යන අයව ඉන්දිය අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

අංගොඩ ලොක්කාගේ සමීපතමයෙකු වන 38 හැවැරිදි මෙම අපරාධකරු ඉන්දියාවේ කොයිම්බතූර්හිදී පසුගිය සෙනසුරාදා දිනයේදී අත්අඩගුවට ගෙන තිබේ.

අංගොඩ ලොක්කා සමග එක්ව අපරාධ ගණනාවක් සිදුකර ඇති ලඩියා තවත් සංවිධානාත්මක අපරාධකරුවෙක් වෙන සමයං ඝාතනයේ සැකකරුවෙක්ද වෙයි.

ලඩියාට රැකවරණය ලබාදීමේ චෝදනා යටතේ 46 හැවැරිදි පුද්ගලයෙක්ද ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතරුව රිමාන්ඩ් භාරයට පත්කර තිබේ.

ඉන්දියවේදී හෘදයාබාධයක් හේතුවෙන් ජීවිතක්ෂයට පවත්වූ අංගොඩ ලොක්කාගේ මරණයෙන් පසුව ඔහුගේ පිස්තෝලය ලබාදි ඇත්තේ අතුරුගිරියේ ලඩියාට බව ඉන්දීය විමර්ශනවලින් හෙළිකර ගැනීමෙන් අනතුරුව ඔහුව සොයා පොලීසිය නිවසක් නිවසක් පාසා පරීක්ෂණ පවත්වා තිබේ.

පසුව අතුරුගිරියේ ලඩියාගේ ඡායාරූපය නිවසක වැඩකරන මෙහෙකරුවෙක් විසින් හඳුනාගැනිමෙන් පසුව ඔහුගේ තොරතුරු අනුව යමින් පොලිසිය මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. සැකකරුවන් පොලිස් භාරයේ තබාගෙන විමර්ශන කිරිමට අවධානය යොමුව ඇති අතර ඒ අනුව ඊයේ (15දා) ඉන්දීය පොලිසිය විසින් එයට අදාළව පෙත්සමක් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *