රනිල් මස්සිනාව නායකත්වයට ගේන්න ගේමක් ගහයි – චන්න රනිල් කුමන්ත්‍රණය පැරදූ හැටි මෙන්න

එක්සත් ජාතික පක්ෂ නායකත්වයට සිය මස්සිනා වන රුවන් විජයවර්ධන මහතා පත්කිරීමට ඊයේ (14) පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩඩල රැස්වීමේදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ගත් උත්සාහයක් පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ගේ දැඩි විරෝධය මැද හකුලා ගැනීමට වික්‍රමසිංහ මහතාට සිදුව තිබෙනවා.

එහිදී පක්ෂ නායකත්වය පිළිබද මාතෘකාව ඇදී ආ අවස්ථාවේදී වික්‍රමසිංහ මහතාගේ අනුදැනුම මත ආශු මාරසිංහ මහතා රුවන් විජයවර්ධන මහතාගේ නම යෝජනා කර ඇති අතර එය ස්ථිර කොට ඇත්තේ සමන් රත්නප්‍රිය මහතා විසිනුයි.

කෙසේවෙතත් රුවන් විජයවර්ධන මහතාගේ නම යෝජනා වීමත් සමග පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ගේ දැඩි විරෝධය ඊට එල්ල වී තිබෙනවා.

ඔවුන් පෙන්වා දී ඇත්තේ රුවන් විජයවර්ධන යනු අතිඅසාර්ථක දේශපාලන චරිතයක් බවත්, බාර දුන් කිසිදු කටයුත්තක් රුවන් සාර්ථකව අවසන් කොට නොමැති බවත්ය.

බියගම ආසනය රුවන් විජයවර්ධන විසින් විනාශ කළ බව එහිදී පෙන්වා දී ඇති ජ්‍යේෂ්ඨයන්, රුවන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ධූරය දැරූ සමයේ පාස්කු ප්‍රහාරය එල්ල වූ බවත්, ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගැනීමට විජයවර්ධන මහතා අපොහොසත් වූ බවත් පෙන්වා දී තිබෙනවා.

කෙසේවෙතත් මේ ආකාරයට රුවන් විජයවර්ධන මහතා රනිල්ගෙන් පසු පක්ෂ නායකත්වයට ගෙන ඒම සදහා තිරය පිටුපස මෙහෙයුම සම්පූර්ණයෙන්ම දියත් කර ඇත්තේ රනිල්ගේ සහෝදරයකු වන චන්න වික්‍රමසිංහ මහතායි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *