විනිසුරු තවම නිදැල්ලේ.. අත්අඩංගුවට නොගත්තේ ඇයි? – නීතිපති පොලිස්පතිගෙන් නිදහසට කරුණු ඉල්ලයි

තම උපදෙස් පරිදි මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග සිදුනොවීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා වැඩබලන පොලිස්පති සී ඩී වික්‍රමරත්න වෙත දැනුම්දීමක් කර තිබෙනවා.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න පැවසුවේ ලබන සදුදාට පෙර ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයා වෙත දැනුම්දී ඇති බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ ආන්දෝලනාත්මක හඬපට සිද්ධියට අදාළව වරෙන්තුවක් ලබාගෙන විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් මීට පෙර වැඩබලන පොලිස්පතිවරයා වෙත දැනුම් දී තිබුණා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *