නීතිපති දප්පුල ‘ හදිසියේම වැඩ පෙන්වන්නේ ‘අන්තර්ජාතික පුටුවක් ගන්නලු

තවත් වසරකින් පමණ විශ්‍රාම යෑමට නියමිත නීතිපති දප්පුල ද ලිවේරා මහතා අන්තර්ජාතික අධිකරණයේ හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළ තනතුරක් අපේක්ෂාවෙන් සිටින බව වාර්තා වනවා.

දැනට නීති ක්ෂේත්‍රයේ සිටින තනතුරින් තවත් ඉහළ තනතුරක් හිමි නොවේ යැයි අපේක්ෂාවෙන් අන්තර්ජාතික තනතුරකට අවශ්‍ය මූලික සුදුසුකම් සඳහා සිය ආයතනය මෙහෙයවන බවට නීතිවේදීහු චෝදනා කරනවා.

ඔවුගේ බිරියද එවැනි ආයතනයක කටයුතු කර ඇති අතර එම මාර්ගයෙන් අදාළ තනතුරකට පත්වීමට ඔහු සැලසුම් කර තිබෙනවා.

තමන් සිදුකරන රාජකාරී අපක්ෂපාති හෝ විනිවිදභාවයකින් යුතුව සිදුකරන බව හැඟවීමට මෙම නිලධාරියා කටයුතු කරන්නේ එනිසා බවයි නීතිවේදීන් පවසන්නේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *