රිකී පොන්ටින් ඔස්ට්‍රේලියා කණ්ඩායමේ සහය පුහුණුකරු ධූරයට

ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන රිකී පොන්ටින් ඔස්ට්‍රේලියා කණ්ඩයමේ සහය පුහුණුකරු ධූරයට පත් කර තිබේ.

ඒ සහය පුහුණුකරු ලෙස කටයුතු කළ ඩේවිඩ් සේකර් එම ධූරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙනි.

ඩේවිඩ් සේකර් 2016 වසරේ සිට ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කළ අතර සහය පුහුණුකරු ලෙසද පසුව කටයුතු කර තිබේ.

කෙසේ වෙතත් ඔහුගේ ඉල්ලා අස්වීමෙන් පසු ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කර ගනිමින් 44 හැවිරිදි රිකී පොන්ටින් එම ධූරයට පත් කිරීමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කළ බව සඳහන්ය.

ඒ අනුව රිකී පොන්ටින් එළඹෙන පාකිස්තාන සහ ඉන්දීය සංචාර වලදී සිය ධූරයේ කටයුතු කිරීමට නියමිතයි.

රිකී පොන්ටින්ගේ නායකත්වය යටතේ ඔස්ට්‍රේලියානු කණ්ඩායම 2003 සහ 2007 වසර වල ලෝක කුසලානය දිනා ගැනීමට සමත් වී තිබේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *