නවසීලන්තයේ මුස්ලිම් දේවස්ථානයකදී එහි සිටි බැතිමතුන්ට වෙඩි තැබීම කළේ දක්ෂිණාංෂික අන්තවාදියෙක් බව ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් මහතා පවසනවා.
ඔහු ඕස්ට්‍රේලියාවේ උපත ලැබූ පුරවැසියෙක් වුවද ප්‍රචණ්ඩකාරී ත්‍රස්තවාදියෙක් බවයි ඕස්ට්‍රේලියානු අගමැතිවරයා සඳහන් කළේ.
මෙම ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන ඕස්ට්‍රේලියානු ජාතික 28 හැවිරිදි තරුණයෙක් ඇතුළු තවත් සිවුදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම ප්‍රහාරයට සම්බ්න්ධ බවට තොරතුරු තිබෙන ඕස්ට්‍රේලියානු ජාතිකයා හෙට දිනයේදී අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිත අතර අනෙක් සැකකරුවන් සිව්දෙනා ඊට සම්බන්ධ ද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවයි නවසීලන්ත ආරක්ෂක අංශ සඳහන් කර සිටියේ .
මේ සම්බන්ධයෙන් සොව පල කර ඇති ට්විටර් පණිවිඩය පහතින් දැක්වෙනවා.