බොක්ස් ඔෆීස් වාර්තා බිඳ හෙළමින් ඩොලර් බිලියන 2798ක් ඉපයූ අතිසාර්ථක චිත්‍රපටය Avengers Endgame

ඇන්තනි රූසෝ සහ රෝයි රූසෝ අධ්‍යක්ෂණය කළ, කෙවින් ෆීජ් නිෂ්පාදනය කළ Avengers: Endgame චිත්‍රපටය ඩොලර් මිලියන 356ක් වියදමක් කර තැනූ දැවැන්ත නිර්මාණයකි. විනාඩි 181ක ධාවන කාලයකින් යුතු මෙම චිත්‍රපටය 2019 අප්‍රේල් 22දා ලොස්ඇන්ජලීස්හිදී ප්‍රදර්ශනය කෙරිණි. මාවෙල් ස්ටුඩියෝස් නමැති චිත්‍රපට සමාගමේ දැවැන්ත නිර්මාණයක් වූ මෙය ස්ටැන්ලි ජැක්කර්බියෝ “ද ඇවෙන්ජර්ස්” කෘතිය පාදක කොටගෙන නිමවූවක් විය.

රොබර්ට් ඔවිනි, ක්‍රිස් එවන්ස්, මාර්ක් ෆෙලෝ ක්‍රිස් හෙම්ස්වර්ත්, ස්කැලට් ජොන්සන්, ජෙරම් රෙනර්, ඩොන් චීඩිල්, පෝල් ඩේ ඇතුළු දවැන්ත නළු නිළි කැලකගෙන් පිරුණු චිත්‍රපටයකි. ඇලන් සිල්වස්ටි්‍රගේ සංගීතයෙන් රසවත් මෙහි කැමරා අධ්‍යක්ෂවරයා ට්‍රෙන්ට් ඔපර්ලෝචිය. ජෙන්රි ෆෝඩ් සහ ශිම්සිටි සංස්කරණය කර ඇත.

මෙය ඉහළම ආදායම් වාර්තා තැබූ හොලිවුඩ් චිත්‍රපටයකි. මේ වසරේ පමණක් දැනට එය ඩොලර් මිලියන 2798ක් උපයා තිබීමෙන්ම එහි ජනප්‍රියත්වය හා සාර්ථකත්වය වටහා ගත හැකිය. මෙහි කතා සාරය මෙසේය.

තානෝස් ඔහුගේ අතිප්‍රබල හස්තාවරණය සමස්ත විශ්වයේ ජීවිතවලින් අඩක්ම භේදභින්න කරනු පිණිස යොදාගැනීමෙන් විසි තුන් දවසකට පසු කැරොල් ඩැන්වර්ස් අෑත අජටාකාශයේදී ටෝර්නි ස්ටාක් සහ නෙබසුලා මුදාගෙන ඔවුන් ආපසු පොළොවට රැගෙන එන අතර ඔවුහු එහිදී, එතෙක් ඉතිරිව සිටි බෘෘස් බැනර්, ස්ටීව් රොජර්ස්, තෝර්, නටාශා රොමනෝෆ් සහ ජේමිස් රෝඩ්ස් යන පළිගන්නන්ට යළිත් එක්වෙති. කිසිවකු පදිංචිව නොසිටි ග්‍රහ ලෝකයක් මත තානෝස් සිටිනු දුටු එම පිරිස, ඔහුගේ “අතිප්‍රබල ස්ටෝන්ස්” ආපසු ලබාගෙන එය “ද ස්නැප්” ආපසු හැරවීම සඳහා යොදා ගැනීමට සැලැසුම් කරන අතර, තවදුරටත් එය භාවිත කිරීමෙන් වළක්වනු සඳහා තමා එය විනාශ කළ බව තානෝස් අනාවරණය කරයි. දැඩි කෝපයට පත් තෝර්, තාර්නෝස්ගේ ගෙල කපා දමයි.

අවුරුදු පහකට පසු ස්කොට්ලෑංග් විද්‍යුත් චුම්බක රාජ්‍යයෙන් බේරී පලා යයි. පළිගන්නන්ගේ ඉඩමට පැමිණෙන හෙතෙම, සිර අඩස්සියේ අත්දැකීම තමා ලැබුවේ අවුරුදු ගණනක් වෙනුවට පැය පහක් පමණක් බව රොමනෝෆ්ට හා රොජර්ස්ට විස්තර කරයි. විද්‍යුත් චුම්බක රාජ්‍යයෙන් කාලගමනය සඳහා ඉඩ සලසා ගත හැකිය යන න්‍යාය අවබෝධ කරගත් තුන්දෙනා, තාර්නෝස්ගේ ක්‍රියා අතීතයෙන් වර්තමානයට ආපසු ගෙන ඒම සඳහා ස්ටෝන්ස් ආපසු ගැනීමට තමන්ට උදවු කරන ලෙස ස්ටාර්ක්ගෙන් ඉල්ලා සිටියහ. තම භාර්යාව – පෙපර් පොට්ස් හා දියණිය මෝර්ගන් ගැනද කල්පනා කළ ස්ටාර්ක් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි. ස්වකීය බුද්ධිය හල්ක්ගේ ශක්තිය සමඟ එක් කළ ස්ටාර්ක් සහ බැනර්, කාල යන්ත්‍රයක් නිර්මාණය කළහ. අතීතය වෙනස් කිරීම වර්තමානයට බල නොපාන බව සඳහන් කරන බැනර් ඒ වෙනුවට සිදුවන්නේ බෙදී යන විකල්ප යථාර්ථ නිර්මාණය වීම බවත් වටහා ගනී.

ඔහු රොකට්ද කැටුව ඇස්ගාර්ඩියන් සරණාගතයන් බැලීම සඳහා නෝර්වේහි ඔවුන්ගේ අලුත් වාසස්ථානය පිහිටි “නිව් ඇස්ගාර්ඩ්” කරා යන්නේ තාර්නෝස්ගේ ක්‍රියා නතර කරනු පිණිස තෝර් යොදා ගැනීමටය. රොමනෝෆ් ටෝකියෝහිදී ඒ සඳහා ක්ලින්ට් බාර්ධන් යොදා ගන්නා විට ඔහු, ඔහුගේ පවුල කඩා බිඳ දැමීම ගැන තාර්නෝස්ගෙන් පළිගැනීම සඳහා නෛතික බලයක් නැතිවම නීතිය ක්‍රියාත්මක කරමින් සිටියේය.

බැනර්, ලැංග් සහ 2012දී නිව්යෝර්ක් නගරයට යති. බැනර් ඒ අතරම සැන්කට් සැන්ක්ටෝරියම්හි සංචාරයක යෙදෙමින් කාල ශෛලය තමාට දෙන ලෙස ඒන්ෂන්වන් පොලඹවා ගනී. රොජර් ස්ටාර්ක් ටවර්හිදී රෝජර්ස් කාල සෛලය ආපසු ලබාගන්නා නමුත් එය සොරාගැනීමට ස්ටාර්ක් සහ ලැංග් දරන උත්සාහය අසාර්ථක වෙයි. එවිට ලොකී එය රැගෙන පලා යයි. රොජර්ස් සහ ස්ටාර්ක් 1970දී ෂීල්ඩ් මූලස්ථානය කරා යයි. ස්ටාර්ක් එහිදී කාල ශෛලියේ මුල් ආකෘතියක් ලබාගනී. එයද රැගෙන ඔහු ඔහුගේ පියා හොවාර්ඩ් හමුවීමට යයි.

ඒ අතර රොජර්ස් “ජිම් පාටිකල්ස්” හැන්ක්පිම්ගෙන් හොරා ගෙන වර්තමානයට පැමිණීම සඳහා ඒවා උපයෝගී කරගනී. ඒ අතර රොකට් සහ තෝර් 2013දී ඇස්ගාර්ඩ් ගොස් ජේන් ෆොස්ටර් වෙතින් “රියැලිටි ස්ටෝන්” පැහැර ගනී. තෝර්ගේ කුළුගෙඩිය ලබාගන්නා මොලනර්, නෙබ්‍යුලාර්, සහ රෝඩ්ස් 2014දී මෝරාග් කරා ගොස් “පවර් ස්ටෝන්” පැහැරගනී. එය රැගෙන හෙතෙම වර්තමානයට එයි. එහෙත් නෙබ්‍යුලා, ඔහුට තිබුණු අතීතය සම සබඳතාව බිඳී යෑම නිසා අකර්මණ්‍ය වෙයි. තාරෝස් 2014දී ඔහුගේ අනාගත ජයග්‍රහණ දැක ගන්නා අතර ඒ සම්බන්ධතාව බිඳ දැමීමට ඇවෙන්ජර්ස් උත්සාහ කරයි. කිසිවකුට ඔහු හෝ ඇය කළ දේ අමතකව යන පරිදි විශ්වය අලුතින්ම නිර්මාණය කිරීමට තානෝස් උත්සාහ කරයි. 2014දී අතීත නෙබ්‍යුලා අල්ලාගන්නා තානෝස් එය වර්තමාන නෙබ්‍යුලා වෙනුවට ආදේශ කරයි. 2014දී වෝර්මිර් කරා යන බර්ටන් සහ රොමනෝෆ් “සෝල් ස්ටෝන්” ලබාගැනීම සඳහා නරබිල්ලක් පිදිය යුතුම බව රෙඩ් ස්කල්ගෙන් දැනගනී. එවිට රොමනෝෆ් සිය කැමැත්තෙන්ම ඊට බිලි වෙමින් “සෝල් ස්ටෝන්” ලබාගැනීමට බාර්මන්ට ඉඩ සලසා දෙයි.

වර්තමානයට පැමිණෙන ඇවෙන්ජර්ස්, සියලුම ස්ටෝන්ස් ස්ටාර්ක් විසින් නිර්මාණය කරන ලද සවිමත් අත්වැස්මක් මත තබයි. ඒවා තරයේම නුරුස්සන බැනර් ආවරණය කිරීමට ගැමා කිරණ යොදාගෙන ඒ සියල්ල ඒකාබද්ධ කරයි. ඒ අතර නෙබ්‍යුලා කාල යන්තය යොදාගෙන 2014ට ගමන් කරයි. තානෝස් ඇවෙන්ජර්ස්ගේ වාසස්ථානයට පහර දී ස්ටෝන්ස් සොයයි. ස්ටිවන් ස්ට්‍රේන්ජ්, ඇවෙන්ජර්ස් සභ ගැලක්සි ආරක්ෂකයෝ තානෝස්ට පහර දෙති. ඩැන්වර්ස් එහි පැමිණ තානෝස් විනාශ කරයි. ස්ටාර්ක් ස්ටෝන්ස් සියල්ල සොරා ගනී. තානෝස්ගේ පිරිස ජීවිත පරදුවට තබා ස්ටාර්ක් ස්ටෝන්ස් ආපසු ලබාගනී.

ස්ටාර්ක්ගේ අභාවයෙන් පසු තෝර්, නිව් ඇස්ගාර්ඩ්හි පාලක වශයෙන් ඩෝකරී පත් කර ගැලක්සි ආරක්ෂකයන්ට එකතුවෙයි. රොජර්ස්, ඉන්ෆිනිටි ස්ටෝන්ස් ලබාගන්නා අතර මිල්නොයර්ස් ඔහුගේ මුල් ටයිම්ලයින් කරා ආපසු ගොස් පෙගී කර්ටා සමඟ අතීතයට යයි. මහලු රොජර්ස් ඔහුගේ පලිහ සෑම් විල්සන්ට භාර කරයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *