බලාගෙන හිටපු සියලු දෙනා මවිත කරමින් T 10 හීදී අවිශ්ක කල දේ මෙන්න (Video)

මේ දිනවල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවරදී පැවැත්වෙන ‘අබුඩාබි T _ 10’ ලීග් පන්දුවාර 10 ක්‍රිකට් තරගාවලියේ පසුගියදා (19දා) පැවැති තරගවලදී තිසර පෙරේරා නායකත්වය දරන බෙංගාල ටයිගර්ස් කණ්ඩායම, නොදර්න් වෝරියර්ස් සහ ඩෙකැන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කර ගැනීමට සමත් වූහ.

එහිදී මෙම තරගාවලියේදී මෙතෙක් වාර්තා වූ සීමිත අර්ධ ශතක ප්‍රමාණයේ එක් හිමිකරුවකු ලෙස පත්වූ අවිෂ්ක ප්‍රනාන්දු ටයිගර්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 51ක් ලබාගැනීම කැපීපෙනුණි.

ඒ අනුව අබුඩාබි නුවර ෂෙයික් සයිඩ් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති බෙංගාලි ටයිගර්ස් සහ අබුඩාබි කණ්ඩායම අතර තරගයේ කාසියේ වාසිය දිනූ අබුඩාබි පිල පළමුව පන්දුවට පහරදීම සඳහා බෙංගාලි ටයිගර්ස් පිලට ආරාධනා කළේය. එහිදී ටයිගර්ස් කණ්ඩායම පන්දුවාර 10 අවසාන වන විට කඩුලු 3කට ලකුණු 129ක් රැස්කර ගත්තේය. එහිදී රිලී රූසෝ නොදැවී ලකුණු 44ක්, ඇන්ඩ්‍රි ෆ්ලෙචර් ලකුණු 42ක් සහ කොලින් ඉංග්‍රම් ලකුණු 23ක් රැස්කර ගනිමින් පිත්තෙන් දස්කම් දැක්විය. අබුඩාපි පිල වෙනුවෙන් පන්දු යැවීමේදී බෙන් ලුග්ලින් කඩුලු 2ක් දවා ගත්තේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අබුඩාබි පිලට පන්දුවාර 10 අවසානයේ කඩුලු 6ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 102ක් පමණි. අබුඩාබි පිලේ ආරම්භක පිතිකරු අවිෂ්ක ප්‍රනාන්දු හුදෙකලා සටනක නිරතවෙමින් පන්දු 21කදී හයේ පහර 6ක් සමඟින් ලකුණු 51ක් රැස්කර ගත්තේය. බෙංගාලි පිල වෙනුවෙන් පන්දු යැවීමේදී ක්වයිස් අහමඩ් කඩුලු 3ක් සහ නායක තිසර පෙරේරා කඩුලු 2ක් දවා ගත්තේය. ඒ අනුව එම තරගයෙන් ලකුණු 27ක ජයක් බෙංගාලි ටයිගර්ස් පිලට හිමි විය.

මේ අතර පසුගියදා පැවැති දිල්ලි බුල්ස් සහ නොදර්න් වෝරියර්ස් අතර තරගයේ පළමුව පන්දුවට පහරදුන් දිල්ලි පිල නියමිත පන්දුවාර 10 අවසානයේ කඩුලු 6කට ලකුණු 110ක් රැස්කර ගත්හ. එහිදී දිල්ලි නායක ඉයන් මෝගන් පන්දු 28කදී වේගවත් ලකුණු 56ක් රැස්කර ගත් අතර කුසල් ජනිත් පෙරේරා ලකුණු 4කටත් ඇන්ජිලෝ මැතිව්ස් ලකුණු 10ටත් දැවී ගියේය. වෝරියර්ස් පිල වෙනුවෙන් ක්‍රිස් ගී්‍රන් කඩුලු 3ක්, ඇන්ඩෘ රසල් කඩුලු 2ක් දවා ගත්තේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නොදර්න් වෝරියර්ස් පිල පන්දුවාර 9කදී කඩුලු 4කට ලකුණු 115ක් රැස්කර ගත්තේය. නිකොලස් පූරන් නොදැවී ලකුණු 56ක් රැස්කර ගනිමින් තම පිල ජයග්‍රහණය කරා රැගෙන යද්දී ලෙන්ඩ්ල් සිමන්ස් සහ ඇන්ඩෘ රසල් ලකුණු 22 බැගින් රැස්කර ගත්හ. අසේල ගුණරත්න ලකුණු 5ක් ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටියේය. ඒ අනුව එම තරගයෙන් කඩුලු 6ක ජයක් නොදර්න් වෝරියර්ස් පිලට හිමි විය.

කෙසේ වෙතත් ඩෙකැන් ග්ලැඩියේටර්ස් සහ ක්වාලන්ඩර්ස් අතර පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඩෙකැන් පිල නියමිත පන්දුවාර 10 අවසානයේ කඩුලු 4කට ලකුණු 128ක් රැස්කර ගත්හ. ඩෙකැන් පිල වෙනුවෙන් මොහොමඩ් ශෙෂාඩ් ලකුණු 57ක් සහ ශේන් වොට්සන් ලකුණු 30ක් ලබාගත්තේය. ක්වාලන්ඩර්ස් පිල වෙනුවෙන් පන්දු යැවීමේදී ජෝර්ජ් ගාර්ටන් කඩුලු 3ක් දවා ගත් අතර ළහිරු කුමාරට පන්දුවාර 2ක් ක්‍රියාත්මක කළද කිසිදු කඩුල්ලක් දවා ගැනීමට නොහැකි විය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ක්වාලන්ඩර්ස් පිලට පන්දුවාර 10 අවසානයේ කඩුලු 2ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 104ක් පමණි. ඒ අනුව දිල්ලි ග්ලැඩියේටර්ස් පිලට එම තරගයෙන් ලකුණු 24ක ජයක් හිමි විය.