කෘෂිකර්ම අමාත්‍යංශයේ හිටපු ලේකම් නුවර පාරේ ලෙමන් විකුණයි (Photo)

කෘෂිකර්ම අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙකු වන බී. විජේරත්න මහතා ලෙමන් අලෙවි කරන ඡයාරූපයක් මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා සිය ෆේස්බුක් ගිණුමේ පළ කර තිබේ.

එහි සඳහන් කර ඇත්තේ, කෘෂිකර්ම අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙකු වන බී. විජේරත්න මහතා සිය පුතුගේ කෘෂි නිෂ්පාදන අලෙවිකරණ ගැටලුවට පිළිතුරු සොයන්නට උර දෙමින් නුවර පාර අයිනේ ලෙමන් විකිණිමට තරම් ආදර්ශවත් වී සිටින බවය.

එමෙන් ම, එම ක්‍රියාව මෙරට කෘෂි නිෂ්පාදන අලෙවියට ගොවීන් මුහුණදී ඇති ගැටලුවලට හොඳ ම උදාහරණයක් බවත් හිටපු රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

දූෂණය, අකාර්යක්ෂමතාව ඉහවහ ගොස් තිබුණු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අතිශයින් ම කාර්යක්ෂම ආයතනයක් බවට පත් කළේ විජේරත්න මහතා බව ද ඔහු සිය ෆේස්බුක් සටහනේ සඳහන් කර තිබේ.

You May also like

1 Comment

  1. Mr. Wijeratna is really “ratnayak’. Today we can’t find such characters. They have become the children of the “open economy”. We had exemplary govt. servants during Ceylon Civil Service era. It was abolished on May 1, 1963 and introduced Ceylon Administration service .Since then we have begun to see political servants instead govt. servants. Today it is an incurable cancer.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *