සුනාමි එන දවස හරියටම කිව්ව වේග්නාගේ අලුත්ම අනාවැකි

ලොව මවිතයට පත් කරමින් සැබෑ අනාවැකි කියන්නියක ලෙස ප්‍රසිද්ධියක් ඉසි ලූ ‘බාබාවේග්නා’ හෙවත් ‘ගෑන්ඩ්මදර් වේග්නා’ ජීවත්ව සිටියදී කී අනාවැකි වසරක් පාසාම කතා බහට ලක් වන්නේය.

වේග්නා අසූපස් වියෙහි පසු වෙමින් සිටියදී ජීවිතයෙන් සමුගත්තද ඇය ජීවත්ව සිටියදී 51 වැනි සියවස තෙක් සෑම වසරක් වෙනුවෙන්ම කී අනාවැකි එකින් එක සැබෑ වෙමින් ආයේ ලෝකය පුදුම කරවමිනි. සැප්තැම්බර් 11 ඇමෙරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ප්‍රහාරය ගැන වූ අනාවැකිය සැබෑවීමත් සමඟම ලෝකය ඇගේ අනාවැකි ගැන උනන්දුවෙන් කතා කරන්නට පටන් ගත්තේය. ඇමෙරිකා එක්සත් ජනපදය ගැන බොහෝ අනාවැකි පළ කර ඇති බාබාවේග්නා බැරැක් ඔබාමා ජනපති වීම ගැනද අනාවැකි කියා තිබුණේය. බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම ගැන සැබෑවෙමින් තිබෙනා අනාවැකිය ගැන මේ දිනවල කවුරුත් කතා බහ කරන්නේය. බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම හා බැඳී එන යුරෝපා ආර්ථික අර්බුදය ගැන වූ වේග්නාගේ අනාවැකිය අයිති වන්නේ 2019 අවුරුද්දටය.

2019 අවුරුද්ද ගැන වන වේග්නාගේ අනාවැකි ලැයිස්තුව එතරම් දිගු නැත. දිගු නැති නමුත් මේ අනාවැකි කතා කරන්නේ ලෝක බලවතුන් ගැනමය. 2018 අවුරුද්දේ ඇගේ අනාවැකි අතර වූ ඇමෙරිකා එක්සත් ජනපද ආර්ථිකය පරදා චීන ආර්ථිකය නැඟ එන්නේය යන අනාවැකිය මේ අවුරුද්දටත් වලංගුය. එය එසේ වලංගු නොවෙතත් චීනය ඇමෙරිකා එක්සත් ජනපදය පරදවා අවසන් බව ලෝකයා දන්නේය. වේග්නාට අනුව ඉදිරි කාලයේ ලෝකයේ ශක්තිමත්ම දිදුලනම රට වන්නේ චීනයයි. වේග්නාගේ මේ වසරේ අනාවැකිවල ඇමෙරිකා එක්සත් ජනපදය ගැන තවත් අනාවැකි දෙකක්ම සටහන් වී තිබේ. ඉන් එක් අනාවැකියක් වත්මන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන කියවෙන්නකි. වේග්නාගේ අනාවැකියට අනුව මේ අවුරුද්දේදී ට්‍රම්ප් හඳුනා ගන්නට අපහසු පුදුම සහගත රෝගයකට ගොදුරු වන්නට නියමිතය.

මොළයේ ආඝාත තත්ත්වයක්, ස්නායු සම්බන්ධ රෝග සහ ඇසීමේ දුර්වලතා ඇතුළු එකිනෙකට වෙනස් වන රෝග ගණනාවක් එකතුව හඳුනා ගැනීමේ අපහසු රෝගයකට ඔහු ගොදුරු වන බව වේග්නා කියා ඇත්තේය. ඇමෙරිකා එක්සත් ජනපදයටම වලංගු වන අනෙක් අනාවැකියෙන් කියැවෙන්නේ සුනාමි රළක් ගැනය. 2004 වසරේ ආසියාවට දරුණු බලපෑම් එල්ල කළ සුනාමිය ද වේග්නාගේ සැබෑ වූ අනාවැකියක් වන පසුබිමක මෙය නොතකා සිටින්නට හැකියාවක් නැත. මේ සුනාමි අනාවැකියෙන් කියැවෙන ලෙසට ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇලස්කාවට දැඩි බලපෑමක් එල්ල කිරීමට නියමිත මේ සුනාමි රළ, ආසියානු රටවල් වන චීනය, ජපානය, ඉන්දුනීසියාව, ඉන්දියාව සේම පාකිස්තානයටද දැඩි බලපෑම් එල්ල කිරීමට නියමිතය.

බාබා වේග්නාගේ අනෙක් ප්‍රබල අනාවැකිය කියැවෙන්නේ රුසියාව ගැනයි. රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් ගැන වන මේ අනාවැකියෙන් කියැවෙන්නේ පුටින් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවය. කුමන්ත්‍රණයකින් නොනැවතී පුටින් ඝාතන තැතක්ද ක්‍රියාත්මක වන බව මේ අනාවැකියෙන් කියැවෙයි. රුසියානු ආරක්ෂක ඔත්තු සේවා දැනටමත් අනාවරණය කරගෙන ඇති තොරතුරුවලට අනුව වේග්නාගේ මේ අනාවැකිය සැබෑවක් බවට දැනටමත් තහවුරු කර ගන්නට පුළුවන. තමන් ඝාතනය කිරීමේ සැලසුම් ඇතැයි යන්න හෙළි වීමත් සමඟ පුටින් එයට පිළිතුරු පවා ලබා දී තිබීමෙන් මේ බව තව තවත් තහවුරු වේ. ‘කියුබානු හිටපු නායකයාගෙන් මම ඉගෙන ගත්ත දෙයක් තියෙනවා. ඔහු මට වරක් කිව්වා ඔහුව ඝාතනය කරන්න සැලැසුම් තියෙනවා කියලා දැන ගත්ත වෙලාවෙ ඔහු කරපු දේ. ඔහු කිව්වා තමන් ඝාතනය වීමේ අවදානම නැති කරගන්න කරන්න පුළුවන් හොඳම දේ තමන්ගේ ආරක්ෂාව තමාගේ අතටම ගැනීම කියලා. මම ඔහු කියා දුන්න ඒ පාඩම මගේ ජීවිතයටත් එකතු කර ගන්නවා’ පුටින් කියා තිබුණේ එහෙමය.

51 වැනි සියවස තෙක්ම සෑම වසරකම අනාවැකි කියා ඇති බාබා වේග්නා සිය අනාවැකි 51 වැනි සියවසෙන් නවතා දමා ඇත්තේ 51 වැනි සියවසෙන් මතුවට මේ ලොව පවතින්නේ නැති බව කියමිනි. සැබෑ වන අනාවැකි කියමින් ලෝකය පුරා ප්‍රසිද්ධියට පත්වෙද්දී වේග්නා අන්ධ කාන්තාවක ලෙස ජීවත් වූ නමුත් ඇය උපතින් අන්ධ කාන්තාවක නොවේ. වයස අවුරුදු 12දී ඇය ජීවත් වූ මැසිඩෝනියාවට දරුණු ටොනේඩෝවක් පැමිණ ඇති අතර ඒ ටොනේඩෝවට හසු වූ ඇය දින ගණනාවක් අතුරුදන්ව සිට ඇත. ආපසු හමුවන විට ඇගේ දෑස් අන්ධව තිබී ඇති අතර ඇයට අනාගතය දැකීමේ හැකියාවක්ද අතින් අල්ලා රෝග සුවපත් කිරීමේ හැකියාවද ලැබී තිබී ඇත. අනාගතය දැකීමේ හැකියාව ලැබීමෙන් පසු ඇය කී සෑම අනාවැකියක්ම පාහේ සැබෑ වී ඇති නිසා වසරක් පාසා ඇගේ අනාවැකි හෙළිදරව් වන තෙක් ලෝකයා බලා සිටින්නට හුරු වී ඇත.

ඇය කියා ඇති ලෙසට අනාගතයේ මහ පොළොව ඉතා ඉක්මනින්ද වෙනස් වන තැනකි. 2084 වසර වන විට සොබාදහම නැවතත් නියම ලෙස ස්ථාපිත වන බවත් 2088 වසරේ හඳුනා නොගත් රෝගයක් ලොව පුරා පැතිරෙන බවත් 2100 වන විට මිනිසා විසින් කෘත්‍රිමව සෑදූ සූර්යයෙක් පෘථිවියේ අඳුරු තැන්වලට එළිය දෙන බවත් 2111 වසර වන විට මිනිසුන් රොබෝවන් සේ ජීවත් වන්නට හුරු වන බවත් 2125 වන විට අභ්‍යවකාශයෙන් ලැබෙන සං¿ධාහනේරියාවට ලැබෙන බවත් 2130 වන විට පිටසක්වළ ජීවීන් පෘථිවියට පැමිණෙන බවත් වේග්නා පවසා ඇත. මෙලෙස 5079 වසර වන තෙක් වේග්නාගේ අනාවැකි එකින් එක හෙළිවෙමින් ලෝකයට අනතුරු අඟවමින් සිටිනු ඇති නමුත් ලෝකයා ඒ අනාවැකි දෙස බලා සිටිනු මිස කිසිවක් නොකරනු ඇත. අනාවැකි ඇත්තේ සැබෑවන තුරු බලා සිටින්නට නොව අනතුරට කලින් සූදානම් වන්නට බව මිනිසුන්ට අමතක වී ගොස් බොහෝ කාලයක් ගත වී ඇත්තේය.

– නෙලූෂා සිල්වා –

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *