ග්‍රෑම් 268ක ලොව අඩුම බර සහිතව උපන් පිරිමි දරුවා රෝහලෙන් ගෙදර​ට (Photos)

පසුගිය අගෝස්තුවේ මෙලොව එළිය දුටු ග්‍රෑම් 268ක් බරැති ජපාන දරුවා රෝහලෙන්
පිටවෙයි. ටෝකියෝවේ ජීවත්වන අඹුසැමි යුවලකයේ පළමු දරුවා වන සිසේරියන්
සැත්කමකින් අගෝස්තු 28දා මෙලොව එළිය දුටු පිරිමි දරුවාගේ බර ග්‍රෑම් 268ක සිට
ග්‍රෑම් 3.238ක් දක්වා වර්ධනය වීමෙන් පසුව රෝහලෙන් පිටව යාමට ටෝකියෝවේ කීයෝ
වෛද්‍ය විද්‍යාල රෝහලෙන් පසුගිය අඟහරුවාදා(26දා) අවසර දී තිබේ.

දරුවාගේ ජීවිතය අවදානම් මට්ටමක තිබීම නිසා සති 24ක කලලයෙන් දරුවා පිටතට
ගැනීමට සිසේරියන් සැත්කමකින් රෝහල් වෛද්‍යරුන් සමත් විය. දැනට ලෝකයේ
රෝහලකින් පිටත් කර හරින තෙක් ජීවත් වුනු පිරිමි දරු උපත් අතරේ අඩුම බරැති
උපත මෙය ලෙසින් සඳහන් වෙයි. පෙනහළු ක්‍රියාකාරකම් නිසි ලෙසින් සිදු නොවුනු
දරුවාට බටයක් මගින් මවු කිරි ලබා දී ඇති අතර 2019 ජනවාරි මාසයේදී දරුවා තමන්
විසින් මවු කිරි උරා බීමේ හැකියාව ලත් බව කියැවෙයි.

රෝහල් ආරංචි මාර්ග අනුව මේ වන විට දරුවාට කිසිඳු රෝගාබාධයක් හෝ එවන් ලක්ෂණයක් නොමැත.

දැනට ගැහැනු දරුවන්ට සාපේක්ෂව පිරිමි දරුවන්ගේ පෙනහළු වැඩීම සෙමින් සිදුවන
නිසාම, දැනට ග්‍රෑම් 300 බර මට්ටමට අඩුව ඉපිද රෝහලෙන් නිරෝගීව පිටත් වූ දරුවන්
23 දෙනාගෙන් පිරිමි දරුවන් සිටින්නේ 4දෙනෙකු පමණකි. දැනට වාර්තා වන අඩුම
බරැති දරු උපත ලෙස වාර්තා වෙන්නේ ග්‍රෑම් 252ක් වූ ජර්මානු ගැහැනු දරුවෙකි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *