කුසේ සිටින දරුවාට ප්‍රතිකාර කර නැවත කුසෙහි හොවයි

නූපන් දරුවෙක් අම්මගෙ කුසෙන් ඉවතට අරගෙන ශල්‍යකර්මයක් කරලා නැවත කුසෙහි හොවන්නට එක්සත් රාජධානි වෛද්‍යවරුන් සමත්ව තිබෙනවා. බෙතන් සිම්සන් නම් මවුගේ කුසෙහි හුන් දරුවාගේ කොඳු ඇට පෙලෙහි මෙම ශල්‍යකර්මය සිදුකර ඇති බවයි පැවසෙන්නේ.

කුසෙහි හුන් නූපන් මෙම කුඩා දියණිය ඉවතට ගෙන ඇයගේ කොඳු ඇට පෙළෙහි ශල්‍යකර්මය සිදු කර නැවතත් කුසෙහි වැඩෙන ලෙසින් තැම්පත් කර තුවාලය මසා මෙම විශ්මිත ශල්‍යකර්මය නිමකරන්නට එම වෛද්‍යවරුන් සමත් වුනා.

මින් පෙරද මෙවන් ශල්‍යකර්මයක් සිදුකර ඇති අතර ඒ බෙල්ජියමේදියි.

බ්‍රිතාන්‍යයේ ග්‍රේට් ඕමොන්ඩ් ස්ට්‍රීට් රෝහලේ බ්‍රිතාන්‍ය සහ බෙල්ජියම් වෛද්‍යවරුන් විසින් සිදු කළ මෙම ශල්‍යකර්මය සාර්ථක වූ අතර එම දියණිය අප්‍රේල් මාසයේදී මෙලොව එළිය දකින්නට නියමිතය.

baby-operated-inside-womb

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *