බදුල්ල රෝහල රුපියල් මිලියන 20ක් ගෙවයි

හිඟ විදුලි බිල් පියවීමට කටයුතු නොකිරීම හේතුවෙන් විසන්ධි කළ බදුල්ල ශික්ෂණ රෝහලට අයත් අංශ කිහිපයක විදුලි සැපයුම යළි ලබාදීමට පියවර ගෙන තිබේ.

රුපියල් කෝටි 07කට ආසන්න හිඟ විදුලි බිලක් රෝහල වෙත යොමුකර තිබු අතර එය නොගෙවීම හේතුවෙන් ඊයේ පෙරවරුවේ රෝහලේ වෛද්‍ය නිල නිවාස, හෙද පුහුණු අංශය හා හෙද නේවාසිකාගාරයේ විදුලිය විසන්ධි කිරීමට විදුලිබල මණ්ඩලය පියවර ගෙන තිබුණි.

කෙසේවෙතත් රෝහල් පාලනාධිකාරිය විසින් ඊයේ (10) පස්වරුවේ රුපියල් මිලියන 20ක මුදලක් ගෙවා ඇති අතර ඉතිරි මුදල සතියක් තුළ ගෙවා දමන බවට ලිඛිතව දැනුම් දීමෙන් පසු යළි විදුලි සැපයුම ලබාදීමට පියවර ගෙන ඇති බව වාර්තා විය.

කෙසේවුවද නිසි කළමනාකරණයකින් තොරව රෝහල් බලධාරීන් විදුලි බිල නොගෙවීම තුළින් වෛද්‍යවරුන් සහ සේවකයින් දැඩී අසීරුතාවට පත්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඌව පළාත් සම්බන්ධීකාරක වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා විශේෂ අනාවරණයක් සිදුකරමින් පැවසුවේ බදුල්ල ශික්ෂණ රෝහලේ රුපියල් ලක්ෂ 98ක ජල බිල්පත ද ඇතුළුව තවත් ගෙවීම් රැසක් පැහැර හැර ඇති බවය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *