“මුස්ලිම් මිනිසුන් දෙවියොත් එක්ක සෙට්වෙලා. පොලීසිය ගොන් වැඩකරලා” – FB දැමු අදහසට සංගීත කණ්ඩායම් සාමාජිකයා හිර ගෙදරට

“මුස්ලිම් මිනිසුන් දෙවියොත් එක්ක සෙට්වෙලා කොරෝනාවලට බෙහෙතක් හොයන්න උත්සාහ ගනිද්දි පොලීසිය ගොන් වැඩකර ඔවුන් අත්අඩංගුවට ගන්නවා” යැයි සදහන් කරමින් මුහුණු පොත ඔස්සේ නිරෝධායන කි‍්‍රයාවලියට දෝෂාරෝපණය කළැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් පුද්ගලයකු ලබන 17 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් එස්. ප‍්‍රභාකරන් මහතා අද (08) නියෝග කළා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ සංගීත කණ්ඩායමක සාමාජිකයකු වන ලිහිණීයාවත්ත, කැළණීමුල්ල, අංගොඩ හර්ෂණ ශාමින්ද පෙරේරා නැමැත්තායි.

නිරෝධායන පනත, පරිගණක අපරාධ පනතේ හයවැනි වගන්තිය ප‍්‍රකාරව සහ ලංකා දණ්ඩ නිති සංග‍්‍රහය ප‍්‍රකාරව වරදක් කර ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ අද (08) පෙරවරුවේදීයි.

පොලීසිය විසින් පුත්තලම ප‍්‍රදේශයේ දේවස්ථානයට ඇදිරි නිතිය සහ නිරෝධායන නිතිය කඩ කළ පුද්ගලයින් අත්අඩංගුවට ගනු ලැබූ අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් විවේචනය කරමින් මෙම පුද්ගලයා සිය මුහුණු පොතේ ප‍්‍රචාරයක් ලබාදී ඇතැයි රහස් පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *