“බංග්ලාදේශය මහින්ද රාජපක්ෂගේ පිළිරුවක් ඉදි කර වැඳිය යුතුයි” – අගමැති රනිල්

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේදී ස්වර්ණමය යුගය උදාවූයේ බංග්ලාදේශයට බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

මහින්ද රාජපක්ෂ සමයේදී ශ්‍රී ලංකාවට ජී.එස්.පී. ප්ලස් සහනය අහිමිවීමේ වාසිය බංග්ලාදේශයට හිමි වූ බවත් ඔහු කියා සිටියා.

ඒ යටතේ ඔවුන් සිය ඇඟළුම් අපනයනය 400% කින් වර්ධනය කර ගත් බවයි අගමැතිවරයා පෙන්වා දුන්නේ.

“බංග්ලාදේශය මහින්ද රාජපක්ෂගේ පිළිරුවක් ඉදිකර එයට වැදිය යුතුයි” යැයිද අග්‍රාමාත්‍යවරයා සඳහන් කර සිටියා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *