ශ්‍රේණිගත කිරීම් වල ඉහළට පැමිණීම බංග්ලාදේශ තරඟාවලියේ ප්‍රධාන අරමුණයි- අසන්තා ද මැල්

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පවත්වන්නට නියමිත තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලියේදී තම කණ්ඩායමේ ප්‍රධාන අරමුණ වන්නේ එක්දින ක්‍රිකට් ‍ශ්‍රේණිගතකිරීම්වල ඉහළට පැමිණීම බ​ව තේරීම් කමිටු ප්‍රධානී අසන්තා ද මැල් පවසනවා.

මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම පසු වන්නේ එක්දින ක්‍රිකට් ශ්‍රේණිගතකිරීම් වල 8 වැනි ස්ථානයේයි. බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකාවට වඩා එක් ස්ථානයක් ඉදිරියෙන් 7 වැනි ස්ථානයේ සිටිනවා. කෙසේ වෙතත් බංග්ලාදේශ කණ්ඩායම තරඟ 3-0 වශයෙන් පරාජයට පත් කළොත් ශ්‍රී ලංකාවට බංග්ලාදේශය පසු කරමින් ශ්‍රේණිගතකිරීම් වල ඉදිරියට පැමිණීමට හැකියාවක් ලැබෙනවා.

කණ්ඩායමේ සංයුතිය ගැන අදහස් දක්වන අසන්තා ද මැල් මහතා පවසන්නේ තිසර පෙරේරා සහ ඉසුරු උදාන යන දෙදෙනාගෙන් එක් තුන් ඉරියව් ක්‍රීඩකයෙක්ට පමණක් කණ්ඩායමේ ස්ථානයක් හිමිවනු ඇති බවයි. එමෙන්ම ලෝක කුසලානයට තේරීම් නොලැබූ අකිල ධනංජයටත් කණ්ඩායමේ ස්ථානයක් හිමි වනු ඇති බවට ඔහු ඉඟි පළකොට තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *