“Barbie චිත්‍රපටය” කුවේට් රාජ්‍යයේ තහනමට

Barbie චිත්‍රපටය කුවේට් රාජ්‍යයේ තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

කුවේටය මහජන ආචාර ධර්ම ආරක්ෂා කිරීමට ක්‍රියා කළ බවයි එරට රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය පවසා තිබෙන්නේ

කුවේට් හි චිත්‍රපට වර්ගීකරණ මණ්ඩලයේ ප්‍රධානී ලාෆි අල්-සුබයි පැවසුවේ තම රටේ සංස්කෘතියට පටහැනි යැයි සැලකෙන චිත්‍රපට දර්ශන කපා ඉවත් කරන ලෙස තමාද ඉල්ලා සිටින බවයි.

එමෙන්ම Barbie තහනම් කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙසට ලෙබනන් සංස්කෘතික අමාත්‍ය මොහොමඩ් මොර්ටාඩා අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබෙන බවද සඳහන්

චිත්‍රපටය නිකුත් වී සති කිහිපයක් ඇතුළත ලොව පුරා ඩොලර් බිලියන 1කට අධික ආදායමක් උපයා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

මෙම චිත්‍රපටය වියට්නාමය ඇතුළුව වෙනත් තැන්වල වාරණයට ලක්ව ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *