දිවි නැගුම නඩුවෙන් බැසිල් නිදහස්

දිවිනැගුම නඩුවට අදාළව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු 4 දෙනෙකු කොළඹ මහාධිකරණය මගින් නිදොස් කොට නිදහස් කරනු ලැබුවා.

2015 ජනාධිපතිවරණ සමයේදී දිවිනැගුම සංවර්ධන අරමුදලට අයත් රුපියල් මිලියන 2,292 ක් වැය කර දිවි නැගුම ආධාරලාභීන්ට නිවාස ආධාර ලබාදීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු හතර දෙනාට චෝදනා එල්ල වී තිබුණා.

ඒ අනුව, හිටපු අමාත්‍යවරයා මෙන්ම, දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක, දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මෙලෙස නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *