බැසිල් ලංකාවට

මාස කිහිපයක් ඇමරිකා එක්සත් ජනපදයේ සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අද (5) පෙරවරු 8.16ට එමිරේට්ස් ගුවන්සේවයට අයත් ඊ.කේ 650 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණියේය.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන හා රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක ගුවන්යානයටම ගොස් බැසිල් රාජපක්ෂ පිළිගත්තේය.
අනතුරුව රාජ්‍ය ඇමති ඩී.වී චානක හා මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන බැසිල්ගෙන් සමුගෙන අනෙකුත් මන්ත්‍රීවරුන් රැඳී සිටි ගුවන්තොටුපළ විශේෂ අමුත්තන්ගේ කාමරයට ගියහ.

ඒ අතරවාරයේදී බැසිල් රාජපක්ෂ හා ප්‍රසන්න රණතුංග දෙපළ කෙටි වේලාවක් සුහද සාකච්ඡාවක නිරතවිය. එය ඒ දෙපළටම සීමාවූවකි. එබැවින් ඔවුන් දෙපළ කතාවූයේ මොනවාදැයි වාර්තා නොවේ.

නාමල් රාජපක්ෂ, සංජීව එදිරිමාන්න, කෝකිලා හර්ෂණි ගුණවර්ධන, මහාචාර්ය රංජිත් බණ්ඩාර, සහන් ප්‍රදීප් විතාන, ජයන්ත කැටගොඩ, ඉන්දික අනුරුද්ධ, අරුන්දික ප්‍රනාන්දු, තිස්සකුට්ටිආරච්චි ඇතුළු මන්ත්‍රීවරුන් 25ට ආසන් පිරිසක් බැසිල් පිළිගුනීමට ඒ වනවිටත් ගුවන්තොටුපළ විශේෂ අමුත්තන්ගේ කාමරයේ රැඳී සිටියහ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *