දකුණු ආසියා කාන්තා පැසිපන්දු ශූරතාවත් ශ්‍රී ලංකාවට

මාලදිවයිනේ පැවති දකුණු ආසියා කාන්තා පැසිපන්දු තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණි.

ඒ ලීග් වටයේ තීරණාත්මක අවසන් තරගයේදී සත්කාරක මාලදිවයින පරාජය කරමින්.

පස්වන වරට පැවැති දකුණු ආසියා කාන්තා පැසිපන්දු තරගාවලියේ අවසන් තරගය පැවැත්වුණේ මාලේ නුවරදීය.

දකුණු ආසියා කාන්තා පැසිපන්දු තරගාවලිය සඳහා කණ්ඩායම් 6ක් එක්විය.

එහිදී අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේ ශ්‍රී ලංකාව සහ සත්කාරක මාලදිවයින කණ්ඩායමය.

පළමු අර්ධය නිමා වනවිට ශ්‍රී ලංකාව ලකුණු 46 ට 22ක් ලෙස පෙරමුණ ගෙන තිබුණි.

දෙවන අර්ධය නිමා වනවිට ලකුණු 72ට 59ක් ලෙස පෙරමුණ ගත් ශ්‍රී ලංකාව පැසිපන්දු ක්‍රීඩිකාවන් මෙවර එහි ශූරතාව දිනාගත්තාය.

දකුණු ආසියානු කාන්තා පැසිපන්දු තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකාව හිමිකරගත්තේ දෙවන වරටය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *