ශ්‍රී ලංකා නිතිඥ සංගමයේ නිලවරණය හෙට

ශ්‍රී ලංකා නිතිඥ සංගමයේ නිලවරණය හෙට (20) වැනිදා දවස පුරා පැවැත්වේ.

නිලවරණය හෙට පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පැවැත්වේ.

2019/2020 වසර සඳහා සභාපතිවරයකු සහ ‍ලෙකම්වරයකු පත් කර ගැනිම සඳහා මෙ නිලවරණය පැවැත්වෙන අතර ඒ සඳහා කොළඹ ඇතුලු රට පුරා ඡන්ද මධ්‍යස්ථාන 83 දී නිලවරනය සඳහා ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය.

මෙවර නිලවරණයේ සභාපතිධූරය සඳහා ජනාධිපති නිතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා සහ නිතිඥ මහින්ද ලොකුගේ මහතා තරග වැදීමට නියමිතය.

ලේකම්ධූරය සඳහා නිතිඥ කෞෂල්ය නානායක්කාර මහතා සහ නිතිඥ සමන් වැලිඅංග මහතා තරග කරයි.

මෙවර නිලවරණයේ තේරිම්භාර නිලධාරියා ලෙස සොලිසිටර් ජනරාල් ජනාධිපති නිතිඥ දප්පුල ද ලිවේරා මහතා කටයුතු කරන අතර කොළමින් පිටත ඡන්ද මධ්‍යස්ථානයන්හි තේරිම්භාර නිලධාරියා වශයෙන් ඒ ඒ පළාත්වල දිසා විනිසුරුවරුන් කටයුතු කරන බව නිතිඥ සංගම් ප්‍රකාශකයකු කියා සිටියේය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *