ඉන්දීය රු.කෝටි 7090 සහ 5166කට අලෙවි වූ නව IPL කණ්ඩායම්

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ඇතුළත් කෙරෙන නව කණ්ඩායම් දෙකෙහි හිමිකාරීත්වය ලබා ගැනීමට ලොව ප්‍රකට ව්‍යාපාරික ආයතන දෙකක් වන RPTSG සමූහය හා CVC කැපිටල් ආයතන සමත් විය.

ඊයේ පස්වරුවේ ඩුබායි හී දී නව කණ්ඩායම් දෙක සදහා ලංසු කැදවීම සිදු කර ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කර තිබේ.

එහිදී RPTSGසමූහය විසින් ලක්නව් නගරය කේන්ද්‍ර කර ගත් කණ්ඩායමේ හිමිකාරීත්වය ඉන්දීය රුපියල් කෝටි 7090 කට හිමි කර ගෙන ඇත. CVC කැපිටල් සමාගම විසින් ඉන්දීය රුපියල් කෝටි 5,166 කට අහ්මදාබාද් නගරය කේන්ද්‍ර කර ගත් නව කණ්ඩායමේ හිමිකාරීත්වය ලබා ගත්තේය.

සමස්ථ තරගාවලියට කණ්ඩායම් 10 ක් එක් වන අතර ලබන වසරේ සිට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට මෙම නව කණ්ඩායම් දෙකද එක්වේ

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *