අසභ්‍ය වචනයෙන් ප්‍රේක්ෂකයාට බැන්න ‘බෙන් ස්ටොක්ස්ට’ ලැබුණු දඬුවම (Video)

එංගලන්ත කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස්ට දඩ මුදලක් පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණයකර තිබෙනවා.

ඒ දකුණු අප්‍රිකාව අතර ජෝහැනස්බර්ග් හිදී පැවති සිව්වන ටෙස්ට් තරඟය අතර තුර ප්‍රේක්ෂකයෙකු සමඟ ඇති වූ බහින් බස්වීමක් හේතුවෙන්.

එම බහින් බස්වීම අතරතුර බෙන් ස්ටොක්ස් අසභ්‍ය වචන භාවිත කරමින් ප්‍රේක්ෂකයාට බැනවැදී ඇති අතර එයට එරෙහිවයි ඔහුට මෙම දඩ මුදල ගෙවීමට සිදුව ඇත්තේ.

ඒ අනුව ඔහුගේ තරඟ ගාස්තුවෙන් සියයට 15ක දඩ මුදලක් ගෙවීමට සිදුව තිබෙනවා.

You May also like

Comments are closed, but trackbacks and pingbacks are open.