වසරේ නවසීලන්ත ජාතිකයා සම්මානයට එංගලන්තයේ බෙන් ස්ටෝක්ස් නිර්දේශ වෙයි

බෙන් ස්ටෝක්ස්​ට මේ දවස්වල සම්මාන වලින් නම් අඩුවක් නැහැ. තරඟයේ වීරයා සම්මාන දිනන්න වගේම ලෝක කුසලානයට අත ගහන්නත් ස්ටෝක්ස්ට හැකිවුණා. ඒ හැම සම්මානයක්ම ලැබුණේ එංගලන්තය වෙනුවෙන්. හැබැයි මේ අතරතුර කවුරු කවුරුත් පුදුම කරන විදිහේ සම්මානයකට බෙන් ස්ටෝක්ස්ව නිර්දේශ වී තිබෙනවා.

ඇතැම්වි​ට ස්ටෝක්ස් පවා මේ ආරංචියෙන් පුදුමයට පත්වන්නට ඇති.

ඒ සම්මානය තමයි වසරේ නවසීලන්ත ජාතිකයා (New Zealander of the Year) සම්මානය. එංගලන්ත කණ්ඩායමට ක්‍රීඩා කරන ස්ටෝක්ස්ව මේ සම්මානයට නිර්දේශ වෙන්න ප්‍රධාන හේතුව තමයි ඔහු නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච්හි උපත ලද නවසීලන්ත සම්භවයකින් යුතු පුද්ගලයෙක් වීම. වයස අවුරුදු 12දී තමයි බෙන් ස්ටෝක්ස් එංගලන්තයට සංක්‍රමණය වෙලා තියෙන්නේ.

බෙන් ස්ටෝක්ස්ට අමතරව නවසීලන්ත නායක කේන් විලියම්සනුත් මේ වසරේ නවසීලන්ත ජාතිකයා සම්මානයට නිර්දේශ වී තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *