fbpx

ශ්‍රී ලංකා තරඟාවලියේ වැඩි වාසිය අපිටයි – බංග්ලාදේශ ක්‍රීඩක මොසදික් කියයි

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරඟාවලිය මෙම මස 26 වැනිදා ඇරඹීමට නියමිතයි. එක්දින තරඟ තුනක් දෙපිල අතර පැවැත්වීමට සියලු කටයුතු සූදානම්.

මේ අතර එළඹෙන තරඟාවලිය ගැන ක්‍රික්බස් වෙබ් අඩවියට අදහස් දක්වමින් බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක මොසදික් හොසෙයින් පවසා ඇත්තේ තම කණ්ඩායම ශ්‍රී ලංකාවට වඩා සෑම අතින්ම ඉදිරියෙන් සිටින බවයි.

පන්දු යැවීමෙන්, පිතිකරණයෙන් සහ අත්දැකීම් අතින් බංග්ලා​දේශ කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම අභිබවා යන බවත්, ෂකීබ් අල් හසාන් නොමැතිවීමේ අඩුවක් නොදැනෙනු ඇති බවත් ඔහු සඳහන් කොට තිබෙනවා.

කෙසේ වෙතත් මේ වනතෙක් ශ්‍රී ලංකාවට එරෙහිව කිසිදු එක්දින තරඟාවලි ජයක් ලබන්නට බංග්ලාදේශය සමත් වී නැහැ.