මියගිය බියගම OIC නිදන්ගත රෝග කිහිපයකින්ම පෙළුණු අයෙක් – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

ඊයේ (29) පස්වරුවේ හදිසියේ මියගිය බියගම පොලිස් ස්ථානාධිපතිවරයා නිදන්ගත රෝග කිහිපයකටම ප්‍රතිකාර ලබමින් සිටි අයෙකු බවත් ඔහුගේ මරණයට හේතුව ප්‍රකාශ කළ හැකි වන්නේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි.

“බියගම පොලිස් ස්ථානාධිපතිවරයා අවුරුදු 52ක් වයස අයෙක්. ඔහු ඊයේ සවස ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ සාකච්ඡාවට සහභාගී වෙමින් සිටියදී ඔහුට හෘදයාබාධයක් එහෙම නැත්නම් පපුව රිදෙනවා කියලා පවසලා තියෙනවා. ඒ අවස්ථාවේදීම ඔහුව කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනවා.

ඔහු ඇත්තටම යම් ආකාරයක නිදන්ගත රෝග කිහිපයකටම ප්‍රතිකාර ලබමින් සිටි බව තමයි වාර්තා වෙන්නෙ. ඉතිං ඒක නිසා අපි දැනට තියෙන තත්වය අනුව ඔහු ඒ අවස්ථාවේදීත් ප්‍රකාශ කරලා තියෙනවා පපුව රිදෙනවායි කියලා. මියගිහිල්ලා තියෙනවා. කෙසේවෙතත් අද දිනයේදී පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතයි. අපට ඒකෙන් පස්සෙ තමයි හේතුව ප්‍රකාශ කරන්න පුළුවන්.

ඔහු බියගම ප්‍රදේශයේ සේවය කරපු දක්ෂ පොලිස් නිලධාරියෙක්. ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක්. ඉතිං අපි ඒ සම්බන්ධව අද දිනයේදී පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වලා ඒ මරණයට හේතුව අනාවරණය කරන්න පුළුවන් වෙනවා. කෙසේවෙතත් අපේ රාජකාරි අපි අඩුවක් වෙන්නෙ නැතිවෙන්න පොලිස් නිලධාරීන් යොදවලා ඉෂ්ඨ කරනු ලබනවා” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා මේ බව පැවසුවේ අද (30) උදෑසන පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් හා සම්බන්ධ වෙමිනි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *