අතුරුගිරිය ඔරුවෙල ප්‍රදේශයේ ස්ථානයක ඊයේ (10) සවස 6.00ට පමණ පිපිරීමක් සිදුව ඇති බව පොලිසිය සඳහන් කළා.
වැඩි දුරටත් සොයා බැලීමේදී අනාවරණය වුණේ ඔරුවෙල ප්‍රදේශයේ පිහිටා ඇති වානේ සංස්ථාවේ දැවිතෙල් ගබඩාකර තිබූ ටැංකියක් මෙලෙස පිපිරීමකට ලක්ව ඇති බවයි.
මෙම පිපිරීම හේතුවෙන් සේවකයෙකු ද තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.